එක් නිවාඩු බයිබල් පාසැලක (ඪඊී) බයිබල් කථාව නිදර්ශනය කිරීම සඳහා, කෙන් ගේ පල්ලියෙන් සජීවී සතුන් ගෙන ඒමට තීරණය කළේය. උදව් කිරීමට පැමිණි විට කෙන් ට බැටළුවෙකු ඇතුලට ගෙන එන ලෙසට ඉල්ලා සිටියේය. ඔහුට මෙම ලොම් සත්වයා පල්ලියේ ශාලාව වෙත කඹයකින් ඇදගෙන යාමට සිදු විය. නමුත් සතියක් ගෙවී යත්ම බැටළුවාගේ බිව කෙමෙන් අඩු විය. සතිය අවසාන වන විට කෙන් ට තව දුරටත් කඹය අල්ලාගැනීමට අවශ්‍ය නොවීය. ඔහු කථා විට බැටළුවා කෙන් පසුපස ආවේය. ඔහු කෙරෙහි විශ්වාසය තැබිය හැකි බව බැටළුවා දැනගත්තේය.

අළුත් ගිවිසුමේ, යේසුස්වහන්සේ තමාව එඬේරෙකුට සමාන කර, තම සෙනඟ වන බැටළුවන් උන්වහන්සේගේ හඬ දන්නා නිසා උන්වහන්සේව පසුපස යන බව ප්‍රකාශ කර ඇත (යොහන් 10:4). නමුත් එම බැටළුවන්ම ආගන්තුකයෙකුගෙන් හෝ සොරෙකුගෙන් බේරීමට දුවන්නේය (5 පදය). බැටළුවන් මෙන්, අපි (දෙවියන්වහන්සේගේ දරුවන්) අපගේ එඬේරාගේ හඬ දැනගන්නේ උන්වහන්සේ සමඟ ඇති සම්බන්ධතාවය තුළිණි. අප එසේ කළ විට, උන්වහන්සේගේ චරිතය දකින අතර උන්වහන්සේව විශ්වාස කිරීමට ඉගෙන ගන්නෙමු.

අපි දෙවියන්වහන්සේව හඳුනාගෙන උන්වහන්සේට ප්‍රේමකරමින් වර්ධනය වන විට, අපි උන්වහන්සේගේ කටහඬ දැන හඳුනාගන්නේය. එවිට “සොරකම්කරන්ටත් මරන්ටත් විනාශකරන්ටත්” (10 පදය) එන සොරාගෙන් පලා යාමට අපට හැකි වනු ඇත. එනම් අපව රවටා උන්වහන්සේගෙන් ඈත් කිරීමට උත්සාහ කරන අයගෙන්. එම ව්‍යාජ ගුරුවරුන් මෙන් නොව, අපව ආරක්‍ෂිත ස්ථානයකට ගෙන යාම සඳහා අපගේ එඬේරාගේ හඬ අපට විශ්වාස කළ හැකිය.