ස්කොට්ලන්තයේ උත්සවයකදී එංගලන්ත රැජින හමුවීමෙන් පසුව, සිල්වියා සහ ඇගේ සැමියාට පණිවිඩයක් ලැබුණේ රාජකීය පවුලේ අය තේ පානය සඳහා ඔවුන්ගේ නිවසට පැමිණීමට කැමති බවය. සිල්වියා රාජකීය අමුත්තන්ට සංග්‍රහ කිරීම ගැන නොසන්සුන්ව පිරිසිදු කිරීම හා සූදානම් කිරීම ආරම්භ කළාය. ඔවුන් පැමිණීමට පෙර ඇය මේසය සඳහා මල් කීපයක් තෝරා ගැනීමට වත්තට ගියාය. එවිට, දෙවියන්වහන්සේ රජවරුන්ගේ රජ බවත් උන්වහන්සේ දිනපතා ඇය සමඟ සිටින බවත් ඇයට මතක් කර දෙන බව ඇයට දැණුනි. එකෙනෙහිම “ඇය රැජිනක් පමණී!” යැයි මතක් වීමෙන් ඇයට සාමකාමි බවක් දැණුනි.

සිල්වියා නිවැරදියි. පාවුල්තුමා සඳහන් කළ පරිදි, දෙවියන්වහන්සේ “රජවරුන්ගේ රජව, ස්වාමිවරුන්ගේ ස්වාමීව ….” (1 තිමෝති 6:15), උන්වහන්සේව අනුගමනය කරන්නන්
“දෙවියන්වහන්සේගේ දරුවෝ” (ගලාති 3:26). අප ක්‍රිස්තුස්වහන්සේට අයිති වූ විට, අපි ආබ්‍රහම්ගේ උරුමක්කාරයෝ වෙමු (29 පදය). ජාතිය, සමාජ පන්තිය හෝ ස්ත්‍රී පුරුෂ භාවය වැනි බෙදීම් වලින් අපව තවදුරටත් බැඳී නොමැත. මක්නිසාද යත් අපි සියල්ලෝම ක්‍රිස්තුස් යේසුස්වහන්සේ තුල සිටිමු. අපි රජුන්ගේ දරුවන්.

සිල්වියා සහ ඇගේ සැමියා රැජින සමඟ ඉතාම හොඳ ආහාර වේලක් ගත්තද, ළඟදීම රැජිනගෙන් ආරාධනයක් ලැබෙනු ඇතැයි මම අපේක්‍ෂා නොකරමි. නමුත් සෑම මොහොතකම අති උසස් රජතුමන් මා සමඟ සිටින බව මතක් කරගැනීමට මම කැමතියි. යේසුස්වහන්සේ කෙරෙහි මුළු හදවතින්ම විශ්වාස කරන අයට (27 පදය) ඔවුන් දෙවියන්වහන්සේගේ දරුවන් බව දැන, එකමුතුව ජීවත් විය හැකියි.

මෙම සත්‍යය අල්ලාගෙන සිටීම අද අප ජීවත්වන ආකාරය වෙනස් කරන්නේ කෙසේද?