“ආච්චි, මගේ සුරංගනා කුමාරි නැටුම බලන්න !” මගේ තුන් හැවිරිදි මිනිබිරිය ප්‍රීතියෙන් කථා කරමින් අපගේ නිවාඩු කැබින් (නිවාඩුවකදී විවේක ගන්න කාමරයක්) එක ඉදිරිපස මිදුල වටේ දුවද්දී ඇගේ මුහුණේ ලොකු හිනාවක් තිබුණා. ඇගේ “නැටුම” සිනහවක් ගෙන ආවේය; ඇගේ වැඩිමහල් සහෝදරයාගේ නුරුස්සන ගතිය නිසා මෙසේ කීවා, “ඇය නටන්නේ නෑ, දුවනවා විතරය.ි” නමුත් මෙය පවුලේ නිවාඩුව පිළිබඳ ඇගේ ප්‍රීතියට බාධා කළේ නැත.

පළමු තල් අතු ඉරිදා දිනය මිශ්‍ර හැඟීම් වලින් පිරුණු දිනයකි. යේසුස්වහන්සේ කොටළුවෙකු පිට යෙරුසලමට යන විට, සමූහයා උද්යෝගයෙන් කෑගැසුවේ, “හෝසන්නා! …… ස්වාමින්වහන්සේගේ නාමයෙන් එන තැනැත්තේ ආශිර්වාදලද්දේය!” (මතෙව් 21:9). එහෙත් සමූහයා බොහෝ දෙනෙක් බලාපොරොත්තු වූයේ ඔවුන්ව රෝමයෙන් නිදහස් කරන මෙසියස් තුමෙක් මිස එම සතියේම ඔවුන්ගේ පාප වෙනුවෙන් මැරෙන ගැළවුම්කරුවකු නොවේ.

එදිනම, යේසුස්වහන්සේගේ අධිකාරිය ගැන ප්‍රශ්න කළ ප්‍රධාන පූජකවරුන්ගේ කෝපය නොතකා, දේවමාළිගාවේ ළමයින් “දාවිත්ගේ පුත්‍රයාට හෝසන්නා” (15 පදය) යනුවෙන් කෑගසමින් ප්‍රීතිය ප්‍රකාශ කළේය. සමහර විට ඔවුන් මිදුලේ දුවමින්, උඩ පනිමින්, තල් අතු වනමින් ප්‍රීතිය ප්‍රකාශ කරන්නට ඇති. උන්වහන්සේට නමස්කාර කිරීමට පමණයි මෙම දරුවන්ට අවශ්‍ය වුනේ යැයි යේසුස්වහන්සේ කෝපාවිෂ්ට නායකයින්ට කී සේක. “ එසේය, බාලයන්ගේද කිරි බොන දරුවන්ගේද මුඛයෙන් ඔබ ප්‍රශංසාව සම්පූර්ණකර තිබේය” (16 පදය). මෙම දරුවන් සිටියේ ගැළවුම්කරුවාණන් වූ යේසුස්වහන්සේ ඉදිරියේය.

යේසුස්වහන්සේ අපටද ආරාධනා කරන්නේ උන්වහනසේගේ සැබෑ අනන්‍යතාවය දැකගැනීමටයි. අප එසේ කරන විට, ප්‍රීතියෙන් පිරී ඉතිරී යන දරුවෙක් මෙන්, අපට උන්වහන්සේ ඉදිරියෙහි ප්‍රීති නොවී සිටීමට නුපුළුවන.