“පිළිමවල නාසය කැඩී ඇත්තේ ඇයි” අමුත්තන් බෘක්ලින් කෞතුකාගාරයේ ඊජිප්තු කලාවේ භාරකරු එඩ්වඩ් බ්ලීබර්ග්ගෙන් අසන පළමු ප්‍රශ්නය එයයි.

එය සාමාන්‍යයෙන් පරණ වීම නිසා සිදු වන ක්‍ෂයවීම බව බ්ලීබර්ග්ට කියන්නට නොහැකිය. ද්විමාන පින්තාරු රූපවල පවා නාසය නැති වී ඇත. එවැනි විනාශයක් හිතා මතාම සිදු වූවක් බව ඔහු අනුමාන කරයි. සතරන් ඊජිප්තුවේ දෙවිවරුන්ව ඝාතනය කිරීමට උත්සාහ කළා. එය හරියට ඔවුන් අතරේ
“ඔබේ නාසය අල්ලා ගත්තා” නමින් හඳුන්වන සෙල්ලම කෙරුවා වාගේ. ආක්‍රමණික හමුදාවන් විසින් මෙම පිළිමවල නාසය කැඩුවේ එම පිළිමවලට හුස්ම ගැනීමට අපහසු කිරීමටයි.

ඇත්තටම? එපමණක්ද? මෙවැනි දෙවිවරුන් නිසා තමන් කරදරයක සිටින බව ඵාරාවෝ දැන සිටිය යුතුය. ඔව් ඔහුට හමුදාවක් සහ මුළු ජාතියකම පක්‍ෂපාතිත්වයක් තිබුණි. හෙබ්‍රෙව්වරු, භීතියට පත්ව පලායන මොසෙස් නම් නායකයෙක් යටතේ වෙහෙසට පත් වහලුන් වූහ. එහෙත් ඊශ්‍රායෙල්වරුන්ට ජීවමාන දෙවියන්වහන්සේ සිටි අතර ඵාරාවෝගේ දෙවිවරු මවා පෑමක් කළහ. වසංගත දහයකට පසුව මෙම පිළිමවල මනංකල්පිත ජීවිත අවසන් වුණි.

සතියක් පුරා ඊස්ට් නොමැතිව පාන් අනුභව කළ ඊශ්‍රායෙල්වරුන් මුහුන් නොදැමූ රොටි උත්සවය සමඟ ඔවුන්ගේ ජයග්‍රහණය සමරනු ලැබීය (නික්මයාම 12:17; 13:7-9). ඊස්ට්, පාපය සංකේතවත් කරන අතර, දෙවියන්වහන්සේට අවශ්‍ය වූයේ ඒ ගළවාගත් ජීවිත මුළුමනින්නම උන්වහන්සේට අයිති බව තමන්වහන්සේගේ සෙනඟ මතක තබාගැනීමයි.

අපගේ පියාණන්වහන්සේ පිළිමවලට, “ඔබේ නාසය මං ගත්තා” කියාත්, උන්වහන්සේගේ දරුවන්ට, “ඔබේ ජීවිතය මම ලබාගත්තා” කියාත් පවසයි. ඔබට හුස්ම දෙන දෙවියන්වහන්සේට සේවය කරමින් උන්වහන්සේගේ ප්‍රේමණීය දෑත් වල විවේක ගන්න.