මගේ මුනුබුරන් මගේ නිවස පිටුපස මිදුලේ දුවනවා. ක්‍රීඩා කරනවාද? නෑ වල් පැලෑටි ගලවනවා. “මුල් වලින් ඒවා අදිනවා!” බාලයා විශාල පඳුරක් පෙන්වමින් පවසයි. එදින අපි වල් පැලෑට් සමඟ පොරබදිමින් සිටියදී ඇයගේ ප්‍රීතිය වූයේ වල් පැලෑටි මුලින් උදුරා ගැනීමට අප කොතරම් ප්‍රිය කරනවාද යන්නයි. කෙසේ වෙතත්, ප්‍රීතියට පෙර මෙම වල් පැලෑටි පසුපස යන්නද එපාද යන්න තීරණයක් ගැනීමට සිදුවුණි.

පුද්ගලික පාපය ඉවත් කිරීමේ පළමු පියවර වන්නේ හිතාමතා වල් පැලෑටි උදුරා දැමීමයි. මේ අනුව, දාවිත් යාච්ඤා කළේ, “ දෙවියන්වහන්ස, මා විමසා බලා, මාගේ සිත දැනගත මැනව. මා පරික්‍ෂාකොට, මාගේ සිතිවිලි දැනගත මැනව. යම් නපුරු මාර්ගයක් මා තුළේ ඇද්දැයි බලා, සදාකාල මාර්ගයෙහි මා ගෙනගිය මැනව.”(ගීතාවලිය 139:23-24).

දෙවියන්වහන්සේගෙන් අපට එය පෙන්වන ලෙස ඉල්ලා සිටීමෙන් අපගේ පාපය ඉවත් කිරීම කෙතරම් ඥාණවන්ත ක්‍රියාවක්ද? සියල්ලටම වඩා අප ගැන හොඳටම දන්නේ දෙවියන්වහන්සේ පමණි. ගීතිකාකරු මෙසේ ලීවේය, “ස්වාමිනි, ඔබ මා විමසා බලා දැන ගත්සේක. ඔබ මාගේ හිඳීමද නැඟිටීමද දන්නා සේක, දුරදීම මාගේ සිතිවිල්ල ඔබට තේරෙයි.” (1-2 පද).

දාවිත් රජතුමා තවදුරට මෙසේ කියයි: “මෙවැනි ඥානය මට අතිශයින් පුදුමය; එය උසස්ය, ඊට ළඟාවෙන්ට නොහැකිවෙමි” (6 පදය). එමනිසා පාපයක් මුල් බැස ගැනීමට පෙර පවා දෙවියන්වහන්සේ අපට එහි භයානක කම පිළිබඳ අනතුරු ඇඟවීමට පුළුවන. උන්වහන්සේ අපේ “භූ දර්ශනය” දන්නා සේක. ඒ නිසා හොර රහසේ පව්කාර ආකල්පයක් මුල් බැස ගැනීමට උත්සාහ කරන විට, උන්වහන්සේ මුලින්ම එය දැනගෙන එය පෙන්වා දෙයි.

දාවිත් රජතුමා මෙසේ කියයි: “ඔබගේ ආත්මය කෙරෙන් කොතැනට යන්නෙම්ද? ඔබ ඉදිරියෙන් කොතැනට පලායන්නෙම්ද?” (7 පදය). අපි අපගේ ගැළවුම්කරුවාණන් පසුපස ඉහළ තලයකට සමීප වෙමු!