මයිකල් ආන්ජලෝගේ කෘති මගින් යේසුස්වහන්සේගේ ජීවිතයේ බොහෝ පැතිකඩයන් ගවේෂණය කළ නමුත් වඩාත් විචිත්‍රවත් චිත්‍රය වඩාත් සරල එකක් විය. 1540 ස් ගණන් වලදී ඔහු තම මිතුරා වූ විටෝරියා කොලොනා වෙනුවෙන් පියෙටා එකක් (යේසුස්වහන්සේගේ මව මියගිය ක්‍රිස්තුස්වහන්සේගේ දේහය අල්ලා ගෙන සිටින අයුරු දැක්වෙන චිත්‍රයක්) සටහන් කළේය. හුණු වලින් නිමවා ඇති මෙම චිත්‍රයෙන් දැක්වෙන්නේ මරියා යේසුස් වහන්සේගේ නිසල දේහය උකුලේ තබා ගෙන අහස දෙස බලා සිටින ආකාරයයි. මරියාට පිටුපසින් නැගී සිටි කුරුසියේ කදම්භයේ වැන්ඩේ විසින් ලියන ලද “පාරාදීසය” නැමැති කෘතියෙන් උපුටා ගත් “එහිදී රුධිරයට කොපමණ මුදලක් වැය වූයේදැයි ඔවුන් සිතන්නේ නැත” වචන සඳහන් වේ. මයිකල් ආන්ජලෝගේ කාරණය ගැඹුරුය. ස්වාමින් වන යේසුස්වහන්සේගේ මරණය ගැන අප කල්පනා කරන විට උන්වහන්සේ ගෙවූ මිළය ගැන සළකා බැලිය යුතු වන්නේය.

ක්‍රිස්තුස්වහන්සේ විසින් ගෙවන ලද මිළය උන්වහන්සේ මිය යන අවස්ථාවේදී කරන ලද ප්‍රකාශනය “තීන්දු වුණේය” (සියල්ල අවසන් – ටෙටලෙස්ටෙයි) යන්නෙහි ග්‍රහණය වී තිබේ (යොහන් 19:30). “තීන්දු වුණේය” යන වචනය ක්‍රම කිහිපයකින් භාවිතා වන්නේය. එනම් බිල්පත ගෙවා ඇති බව පෙන්වීමට, කර්තව්‍යයක් අවසන් කර ඇති බව පෙන්වීමට, පූජාවක් ඔප්පු කළ පසු, විශිෂ්ඨ කෘතියක් සම්පූර්ණ කිරීමෙන් පසු මෙම වචනය යොදා ගැනේ. යේසුස්වහන්සේ අප උදෙසා කුරුසියේ කළ දේට ඒ සෑම දෙයක්ම අදාළ වේ. සමහර විට අපෝස්තලු පාවුල් විසින් මෙසේ ලියන්න ඇත්තේ ඒ නිසා විය හැකිය : “නමුත් අපගේ ස්වාමිවූ යේසුස් ක්‍රිස්තුස්වහන්සේගේ කුරුසිය ගැන මිස වෙන කිසි දෙයක් ගැන පාරට්ටු කරන්ට මට නම් සිද්ධ නොවේවා” (ගලාති 6:14).

අපගේ ස්ථානය ගැනීමට යේසුස්වහන්සේගේ කැමැත්ත කියා පාන්නේ දෙවියන්වහන්සේ අපට කොතරම් ප්‍රේම කරනවාද යන්නෙහි සදාකාලික සාක්‍ෂියයි. උන්වහන්සේ ගෙවූ මිළ ගැන මෙනෙහි කර අපි උන්වහන්සේගේ ප්‍රේමය සමරමින් කුරුසියට ස්තුතිවන්ත වෙමු.