මාගේ ස්වාමිපුරුෂයා හවායි ක්‍ෂිතිජයේ ඡායාරූප ගනිමින් ගල් සහිත වෙරළ දිගේ ඇවිදගෙන යද්දී මම තවත් වෛද්‍යමය පසුබෑමකට මුහුණ දෙමින් විශාල පර්වතයක් මත වාඩි වී සිටියෙමි. මම ආපසු නිවසට එද්දී මගේ ගැටලු මා එන තුරු බලා සිටියත් මට ඒ මොහොතේ සාමය අවශ්‍ය විය. කළු, කඩතොළු වූ පාෂාණ වලට එරෙහිව එන රළ දෙස මම බලා සිටියෙමි. රැල්ලේ චක්‍රයේ අඳුරු සෙවනැල්ලක් මගේ ඇසට හසු විය. මගේ කැමරාවේ විශාලන විකල්පය භාවිතා කරමින් (z00m) ඒ හැඩය සාමකාමීව රළ පදවන මුහුදු කැස්බෑවෙකුගේ බව හඳුනා ගතිමි. උගේ අවල් පාද පුළුල්ව පැතිර නිශ්චලව සිටියේය. මගේ මුහුණ ලවණ සහිත සුළඟට හරවා ගෙන මම සිනාහසුණෙමි.

“ස්වාමිනී, ස්වර්ගයෝ ඔබගේ ආශ්චර්්‍යයන් වර්ණනා කරන්නෝය” (ගීතාවලිය 89:5). අපගේ අසමසම දෙවියන්වහන්සේ “ඔබ මුහුදේ උඩඟුකම දමනය කරන සේක. එහි රළ නගින කල ඒවා නිශ්චල කරන සේක” (9 පදය). උන්වහන්සේ “ලෝකයද එහි පූර්ණකමද පිහිටෙවු සේක” (11 පදය). උන්වහන්සේ ඒ සියල්ල සාදා, සියල්ල අයිති කර ගෙන, සියල්ල කළමණාකරණය කර ඒ සියල්ල උන්වහන්සේගේ මහිමය සහ අපගේ විනෝදය සඳහා අරමුණු කරන සේක.

අපගේ ඇදහිල්ලේ අත්තිවාරම මත හිඳ ගෙන – අපගේ වෙනස් නොවන පියාණන්වහන්සේගේ ප්‍රේමය – නිසා අපට උන්වහන්සේගේ “අභිමුඛය නැමැති ආලෝකයේ හැසිරිය” හැකිය (15 පදය). දෙවියන්වහන්සේ ඉතා බලවත්ව සිටින අතර අප සමග ගනුදෙනු කිරීමේදී දයානුකම්පිත වන සේක. අපට දවස මුළුල්ලේම උන්වහන්සේගේ නාමය ගැන ප්‍රීතිමත් විය හැකිය (16 පදය). අප කුමණ බාධකවලට මුහුණ දුන්නත් අපට කොපමණ පසුබෑමක් විඳ දරා ගැනීමට සිදු වුවත් රැළ නැගී වැටෙන විට දෙවියන්වහන්සේ අපව ඔසවා ගන්නා සේක.