වැඩිහිටි සංවර්ධනය පිළිබඳ හාවඩ් අධ්‍යයනය දශක ගණනාවක් පුරා ක්‍රියාත්මක වූ ව්‍යාපෘතියක් වන අතර ඒ මගින් සුවදායක සබඳතාවල වැදගත්කම පිළිබඳ වැඩි අවබෝධයක් ලබා දෙනු ඇත. 1930 ස් ගණන් වලදී හාවඩ් විශ්ව විද්‍යාලයේ දෙවන අවුරුද්දේ සිසුන් 268 ක කණ්ඩායමක් සමග පර්යේෂණය ආරම්භ කළ අතර පසුව එය බොස්ටන්හි නගරවාසීන් 456 ක් දක්වා ව්‍යාප්ත වුනි. පර්යේෂකයින් සහභාගී වන්නන් සමග සම්මූඛ සාකච්ඡා පවත්වා ඇති අතර සෑම වසර කිහිපයකට වරක් ඔවුන්ගේ වෛද්‍ය වාර්තා පිළිබඳව සොයා බලයි. සතුට සහ සෞඛ්‍යය ගැන අනාවැකි කීමට ප්‍රබලතම සාක්‍ෂිය වූයේ සමීප සම්බන්ධතා බව ඔවුහු සොයා ගත්හ. එයින් පෙනී යන්නේ නිවැරදි පුද්ගලයන් අප වටා සිටියහොත් අපට ගැඹුරු ප්‍රීතියක් අත් විඳිය හැකි බවයි.

පිලිප්පි 1 හි අපෝස්තලු පාවුල් විස්තර කරන දෙයින් මෙය පිළිඹිබු වේ. සිර ගෙදර සිට ලියද්දී තම මිතුරන් සිහි වන සෑම විටම ඔවුන් වෙනුවෙන් තමාගේ දෙවියන්වහන්සේට ස්තුති කරන බවත් “ප්‍රීතියෙන්” යාච්ඤා කරන බවත් ඔහුට නොකියාම බැරි විය (4 පදය). නමුත් මොවුන් සාමාන්‍ය මිතුරන් පමණක් නොව; මොවුන් “දෙවියන්වහන්සේගේ අනුග්‍රහය බෙදා ගන්නා” යේසුස්වහන්සේ තුළ සිටින සහෝදර සහෝදරියන් වන අතර ඔවුන් පාවුල්ගේ ශුභාරංචියේ හවුල් කරුවන්ද වූහ (7 පදය). ඔවුන්ගේ සම්බන්ධතාවය බෙදා හදා ගැනීමට සහ අන්‍යෝන්‍ය සම්බන්ධතාවයක් මෙන්ම දෙවියන්වහන්සේගේ ප්‍රේමය හා ශුභාරංචිය විසින්ම සකස් කරන ලද සැබෑ ඇසුරක් විය.

එසේය, මිතුරන් වැදගත්ය. නමුත් ක්‍රිස්තුස්වහන්සේ තුළ සෙසු හවුල්කරුවන් සැබෑ හා ගැඹුරු ප්‍රේමය බොහෝ සෙයින් වර්ධනය කරයි. දෙවියන්වහන්සේගේ අනුග්‍රහය අන් කිසි දෙයකට වඩා අපව එකට බැඳ තබන්නේය. ජීවිතයේ අඳුරුතම කාලයේ වුවද එම බැඳීමෙන් ලැබෙන ප්‍රීතිය පවතිනු ඇත.