1986 ජනවාරි 28 වන දින චැලෙන්ජර් නමැති එක්සත් ජනපද අභ්‍යාවකාශ ෂටලය ගුවන් ගත වී තත්පර හැත්තෑ තුනකින් කැඩී ගියේය. ජාතිය සනසන කථාවකදී ජනාධිපති රේගන් “හයි ෆලයිට්” කාව්‍යයෙන් උපුටා දක්වමින් දෙවන ලෝක සංග්‍රාමයේ නියමුවෙකු වූ ජෝන් ගිලෙස්පී මාගී “අවකාශයේ ඉහළ නොවිසඳුණු පාරිශුද්ධභාවය” සහ “දෙවියන්වහන්සේගේ මුහුණ” ස්පර්ශ කිරීමට ඔහුගේ අත දිගු කිරීමේ සංවේදීතාවය ගැන කීයූ කථාව උපුටා දැක්වූයේය.

අපට දෙවියන්වහන්සේගේ මුහුණ ඇත්තෙන්ම ස්පර්ශ කළ නොහැකි වුවද සමහර විට අප සිත් ඇදගන්නා සුළු හිරු බැස යෑමක් හෝ සොබා දහමේ භාවනා ස්ථානක් හෝ අත්විඳින කල උන්වහන්සේ ළංව සිටින්නේය යන හැඟීමකින් අපි ඉතිරී යන්නෙමු. සමහර අය මෙම අවස්ථාවන් හඳුන්වන්නේ “සිහින් ස්ථාන” ලෙසටය. අහස සහ පෘථ’විය වෙන් කරන බාධකය තරමක් සිහින් බව පෙනේ. දෙවියන්වහන්සේ ටිකක් සමීපව සිටින බවක් හැඟේ.

කාන්තාරයේ පාළුකරයේ ඉශ්‍රායෙල්වරු දෙවියන්වහන්සේ ළංව සිටියි යන “සිහින් ස්ථානය” අත්විඳින්න ඇති. දෙවියන්වහන්සේ දිවා කාලයේදී වලා ටැඹකින්ද රාත්‍රියේදී ගිනි ටැඹකින්ද ඔවුන්ට කාන්තාරය හරහා යාමට මග පෙන්වූ සේක (නික්මයාම 40:34-38). ඔවුහු කඳවුරේ සිටින විට “ස්වාමින්වහන්සේගේ තේජසින් මණ්ඩපය පිරී ගියේය” (35 පදය). ඔවුන්ගේ සියලු ගමන්වලදී දෙවියන්වහන්සේ තමන් සමග සිටින බව ඔවුහු දැන සිටියහ.

දෙවියන්වහන්සේගේ මැවිල්ලේ ඇදහිය නොහැකි සුන්දරත්වය අප භුක්ති විඳින විට උන්වහන්සේ සැම තැනකම සිටින බව අපට හැඟේ. අපි උන්වහන්සේ සමග යාච්ඤාවෙන් කථා කරන විට, උන්වහන්සේට සවන් දෙන විට සහ දේව වචනය කියවන විට අපට ඕනෑම වෙලාවක සහ ඕනෑම ස්ථානයක උන්වහන්සේ සමග ඇසුර භුක්ති විඳිය හැකිය.