බොහෝ තරුණ සමෝවා පිරිමි ළමුන් තම ජනතාවට සහ ඔවුන්ගේ ප්‍රධානියාට වගකීමකින් කටයුතු කරන බවට සංඥාවක් වශයෙන් පච්චයක් ලබා ගනී. එම පච්ච සලකුණ සමෝවාන් පිරිමි රග්බි කණ්ඩායමේ සාමාජිකයින්ගේ දෑත් ආවරණය කරයි. පච්ච කොටා ගැනීමෙන් ජපානයේදී සෘණාත්මක අර්ථයක් ගෙන ආ හැකි නිසා ඔවුහු ජපානයේ සංචාරය කරන විට කණ්ඩායම් සාමාජිකයන්ට එම සංඛේත ඔවුන්ගේ සත්කාරකයන්ට ගැටළුවක් බව අවබෝධ වූහ. ත්‍යාගශීලි මිත්‍රත්වයේ ක්‍රියාවක් වශයෙන් සමෝවා රග්බි ක්‍රීඩකයින් මෝස්තර ආවරණය වන පරිදි සමේ පැහැයෙන් යුත් කමිස පැළඳ සිටියහ. කණ්ඩායමේ නායකයා පැහැදිලි කළේ “අපි ජපන් ක්‍රමයට ගෞරවයෙන් හා සැලකිල්ලෙන් යුතුව සිටින්නෙමු” යනුවෙනි. “අපි පෙන්වන දේ හරි යැයි අපි සහතික කරමු”.

රෝම පොත ලිවූ පාවුල් තුමාගේ සංකල්පයක් වූයේ පුද්ගල ප්‍රකාශන අවධාරණය කරන යුගයක ස්වයං සීමාවන්ට මුහුණ දීම කැපී පෙනෙන බවයි. ප්‍රේමය උදෙසා අන් අය වෙනුවෙන් අපගේ අයිතීන් කැප කිරීමට සමහර විට අවශ්‍ය වන බව ඔහු පැවසුවේය. අපගේ නිදහස සීමා මායිම්වලට තල්ලු කරනවා වෙනුවට සමහර විට ප්‍රේමය අපව පාලනය කරන්නේය. සභාවේ සමහර අය “ඕනෑම දෙයක් කෑමට” නිදහස ඇතැයි විශ්වාස කළ අතර අනෙක් අය “එළවළු” පමණක් කෑවෝය (රෝම 14:2). මෙය සුළු කාරණාවක් සේ පෙණුනද පළමු සිය වසේදී පරණ ගිවිසුමේ ආහාර නීති පිළිපැදීම මතභේදාත්මක විය. නිදහසේ ආහාර ගත් අය සඳහා විශේෂිත වචන වලින් අවසන් කිරීමට පෙර “එකිනෙකා විනිශ්චය නොකරමු” කියා පාවුල් තුමා සෑම කෙනෙකුටම උපදෙස් දුන්නේය (13 පදය). “මස් කෑමෙන්වත් මුද්‍රික පානය බීමෙන්වත් වෙන යමකින්වත් නුඹේ සහෝදරයා බාධාවට පැමිණේද එය නොකර සිටීම හොඳය” (21 පදය).

වෙලාවකට තවත් කෙනෙකුට ප්‍රේම කිරීම යනු අපේම නිදහස සීමා කර ගැනීමකි. අපට නිදහසේ කළ හැකි සෑම දෙයක්ම සෑම විටම කිරීමට අවශ්‍ය නැත. සමහර විට ප්‍රේමය අපව පාලනය කරන්නේය.