මම නව ප්‍රජා මධ්‍යස්ථානයක පහළ මහලේ පුස්තකාලයක් ගවේෂණය කරමින් සිටියදී හදුසියේම ඇසුණු මහා ශබ්දයකින් කාමරය හෙල්ලුම් කෑවේය. විනාඩි කිහිපයකට පසු එය නැවත සිදු විය. පසුව නැවතත් සිදු වුණි. කලබලයට පත් පුස්තකාලායාධිපති වරයෙක් පැවසුවේ බර ඉසිලීමේ ස්ථානයක් පුස්තකාලයට ඉහළින් ස්ථානගත කර ඇති බවත් යමෙක් බර බිමට හෙළන සෑම අවස්ථාවකම එම ශබ්දය ඇති වන බවත්ය. ගෘහ නිර්මාණ ශිල්පීන් සහ නිර්මාණකරුවන් මෙම අති නවීන පහසුකමෙහි බොහෝ අංගයන් ප්‍රවේශමෙන් සැලසුම් කර තිබුණත් පුස්තකාලය වෙන ස්ථනයකට ගෙන යෑමට අමතක කර තිබුණි.

ජීවිතයේද අපගේ සැළසුම් බොහෝ විට දෝෂ සහිතය. අපි වැදගත් කරුණු නොසලකා හරින්නෙමු. අපගේ සැලසුම් සෑම විටම අනතුරු හෝ විශ්මයන් හෝ සඳහා වගකිව යුතු නොවේ. මූල්‍යමය අඩුපාඩු, කාල අර්බූද, සෞඛ්‍ය ගැටළු වළක්වා ගැනීම සහ ගැඹුරු උපාය මාර්ග වලට පවා අපගේ ජීවිතයේ සියලු ගැටළු ඉවත් කළ නොහැකිය. අප ජීවත්වන්නේ ඒදන් උයනෙන් පසු ඇති ලෝකයකය.

දෙවියන්වහන්සේගේ උපකාරයෙන් අනාගතය දුරදර්ශීව සහ සමබරව සළකා බැලීමට සහ දුෂ්කරතාවලට ප්‍රතිචාර දක්වීම අපට සොයා ගත හැකිය (හිතෝපදේශ 6:6-8). අපගේ ජීවිතවලට කරදරයන්ට දෙවියන් වහන්සේ ඉඩ දෙන සැම අවස්ථාවකම උන්වහන්සේට අරමුණක් තිබේ. අපගේ ඉවසීම වර්ධනය කිරීමට, අපගේ ඇදහිල්ල වැඩිකිරීමට හෝ අපව උන්වහන්සේ වෙතට ළං කිරීමට උන්වහන්සේ මෙම කරදර භාවිතා කරන සේක. බයිබලය අපට මතක් කර දෙන්නේ “මනුෂ්‍යයෙකුගේ සිතේ බොහෝ යෝජනා ඇත්තේය; එහෙත් ස්ථිරවෙන්නේ ස්වාමීන්වහන්සේගේ මන්ත්‍රණයය” යනුවෙනි (හිතෝපදේශ 19:21). අපගේ අනාගත අරමුණු සහ බලාපොරොත්තු අපි යේසුස්වහන්සේට යටත් කරන කල අප තුළත් අප තුළිනුත් ඉටුකර ගැනීමට උන්වහන්සේ කැමති දේ උන්වහන්සේ අපට පෙන්වන සේක.