ඔහුගේ නම ස්පෙන්සර්ය. නමුත් සෑම කෙනෙකුම ඔහුව හඳුන්වන්නේ “ස්පෙන්ස්” යනුවෙනි. උසස් විද්‍යාලයේදී ඔහු මළල ක්‍රීඩා ශූරයා විය. ඉන්පසු ඔහු කීර්තිමත් විශ්ව විද්‍යාලයකට පූර්ණ අධ්‍යයන ශිෂ්‍යත්වයක් ලබා ගත්තේය. දැන් ඔහු ඇමරිකාවේ විශාලතම නගරයක ජීවත් වන අතර රසායනික ඉංජිනේරු ක්‍ෂේත්‍රයේ ඉහළ ගෞරවයට පාත්‍ර වේ. නමුත් ඔබ ස්පෙන්සර්ගෙන් මේ දක්වා ඔහු ලබා ඇති විශිෂ්ඨතම ජයග්‍රහණයන් ගැන ඇසුවොත් ඔහු ඒ කිසිවක් සඳහන් කරන්නේ නැත. රටේ දුප්පත්ම ප්‍රදේශයක ස්ථාපිත කිරීමට උපකාර කළ ඉගැන්වීමේ වැඩසටහනේ ළමුන් සහ ගුරුවරුන් පරීක්‍ෂා කිරීම සඳහා ඔහු සැම මාස කිහිපයකට වරක් නිකරගුවාට කරන සංචාරයන් ගැන ඔහු ඉතා උනන්දුවෙන් ඔබට කියනු ඇත. එසේම ඔවුන්ට සේවය කිරීමෙන් ඔහුගේ ජීවිතය කෙතරම් සඵලවත් වී ඇත්දැයි ඔහු ඔබට කියනු ඇත.

“මොවුන්ගෙන් ඉතා කුඩා”. එය මනුෂ්‍යයන් විවිධාකාරයෙන් භාවිතා කරන වචනයකි. එහෙත් ලෝක ප්‍රමිතීන්ට අනුව අපගේ සේවය වෙනවෙන් අපට පිරිනැමීමට සුළු හෝ කිසිවක් නැති අයව විස්තර කිරීමට යේසුස්වහන්සේ එය භාවිතා කළ සේක. ඔවුන් බොහෝ විට ලෝකය නොසලකා හරින හෝ සම්පූර්ණයෙන් අමතක කරන හෝ පිරිමින්, කාන්තාවන් සහ ළමයින් වේ. “ඔබ ඔවුන් වෙනුවෙන් කුමක් කළත් ඔබ ඒක කළේ මටය” (මතෙව් 25:40) කියමින් යේසුස්වහන්සේ ඒ මනුෂ්‍යයන්ව එවැනි සුන්දර තත්ත්වයකට උසස් කළ සේක. ක්‍රිස්තුස්වහන්සේගේ අරුත වටහා ගැනීමට ඔබ කීර්තිමත් විශ්ව විද්‍යාලයකින් උපාධියක් ලබා ගත යුතු නැත. “දිළිඳු අයට සේවය කිරීම” උන්වහන්සේට සේවය කිරීම හා සමාන වේ. එයට සැබවින්ම අවශ්‍ය වන්නේ කැමැත්තෙන් යුත් හදවතකි.