මගේ මුණුපුරා සහ මම වාහන නැවැත්වීමේ ස්ථානය හරහා අත්වැල් බැඳගෙන පාසැල් යාමේ විශේෂ ඇඳුමක් සොයන්නට ගියෙමු. දැන් පෙර පාසැල් සිසුවෙක් වන ඔහු සෑම දෙයක් ගැනම උද්යෝගයෙන් සිටි අතර ඔහුගේ සතුට ප්‍රීතියට හැරවීමට මම අධිෂ්ඨාන කර ගතිමි. ශිලා ලේඛණය සහිත කෝපි ජෝග්ගුවක් මම දුටුවෙමි. “ආච්චි අම්මලා බොහෝ ප්‍රීතියෙන් යුත් අම්මලාය”. එනම් විනෝදය, සතුටින් බැබළීම, ප්‍රීතිය ආදියයි. ඒක මගේ රැකියා විස්තරයයි. මේ සමග තවත් දේවල් රාශියක් එකතු වේ.

තම ආත්මික පුත් තිමෝතිට ලියූ දෙවන ලිපියේ පාවුල් තුමා තිමෝතිගේ අවංක ඇදහිල්ල ප්‍රකාශ කරමින් එහි ගෞරවය ඔහුගේ පරම්පරාවේ ආච්චී වන ලොයිස්ට සහ මව වන එව්නීකිටද ලබා දෙයි (2 තිමෝති 1:5). මෙම කාන්තාවන් ජීවත්වීම තම ඇදහිල්ලෙන් පෙන්වූයේ කෙසේද කිවහොත් තිමෝතිද යේසුස්වහන්සේ කෙරෙහි විශ්වාස කළේය. ඇත්ත වශයෙන්ම ලොයිස් සහ එව්නීකි තිමෝතිට ආදරය කළ අතර ඔහුගේ අවශ්‍යතා සපුරාලූහ. පැහැදිළිවම ඔවුන් තවත් දේද කළහ. පසුව තිමෝති තුළ ජීවත්වන ඇදහිල්ලට මුලාශ්‍රය වූයේ ඔවුන්ගේ ඇදහිල්ල බව පාවුල් පෙන්වා දෙයි.

ආච්චී ලෙස මගේ රැකියාවට පාසැල් යාමේ ඇඳුමක් සොයා ගැනීමේ සතුට ඇතුළත් විය. නමුත් ඊටත් වඩා මම මාගේ ඇදහිල්ල බෙදා ගන්නා විට එය සතුට උපදවන මොහොතකට මා කැඳවනු ලැබේ. එනම් කුකුළු මස් නගට්වලට හිස නමා සිටින විට, දෙවියන්වහන්සේගේ කලා කෘති ලෙසින් අහසේ වලාකුළු සෑදෙන අයුරු දකින විට, යේසුස්වහන්සේ ගැන ඇසෙන ගීතයක් ගායනා කරන අවස්ථාවලදී මගේ ඇදහිල්ල බෙදා ගන්නෙමි. අපගේ ඇදහිල්ල ජීවිතයේ සතුටු දෙයක් බවට පත්කර ගැනීමට එව්නීකි සහ ලොයිස් වැනි අම්මලා සහ ආච්චීලාව ආදර්ශයට ගනිමු. එවිට අපට ඇති දේ අන් අයටත් අවශ්‍ය වනු ඇත.