මට කාල කලාප හරහා ගුවන් මගින් ගමන් කිරීමට සිදුවූ විට දිගු ගුවන් ගමනක් නිසා ඇතිවන වෙහෙසකාරී බව වළක්වා ගැනීමට මම විවිධ ප්‍රතිකර්ම උත්සාහ කරමි. මම ඒ සියල්ල අත්හදා බලන්න ඇති කියා මම සිතමි. එක් අවස්ථාවකදී මගේ ගුවන් ගමන් ආහාර වේල මා ගමන් කරන කාල කලාපයට අනුව වෙනස් කරන්න මම තීරණය කළෙමි. සෙසු මගීන් සමග රාත්‍රී ආහාරය ගැනීම වෙනුවට මම චිත්‍රපටියක් නරඹමින් නිදා ගැනීමට උත්සාහ කළෙමි. තෝරා ගත් නිරාහාර වේලාව දුෂ්කර වූවත් අප ගොඩ බෑමට පෙර ලැබුණු උදේ ආහාරයට ආශා කළෙමි. නමුත් අවට ඇති අයගෙන් වෙන්ව සිටීම සාර්ථකව වැඩ කළේය. මෙම ක්‍රියාවලිය නිසා මගේ ශරීරය නව කාල කලාපයකට හැඩ ගැසුණි.

යේසුස්වහන්සේගේ ඇදහිලිවන්තයින් තම ජීවිත තුළ උන්වහන්සේව සැබවින්ම පිළිබිඹු කිරීමට නම් ඔවුන් අවට ලෝකයේ ක්‍රමයට විරුද්ධව ජීවත් විය යුතු බව පාවුල් දැන සිටියේය. ඔවුන් “වරක් අන්ධකාරයව සිටි” නමුත් “දැන් ආලෝකයව” සිටීත් (එපිස 5:8). එය කෙබඳුද? පාවුල් චිත්‍රය සම්පූර්ණ කරන්නේය : “ආලෝකයේ ඵල නම් සියලු ආකාර යහපත්කමත් ධර්මිෂඨ කමත් සැබෑකමත්ය” (9 පදය).

රාත්‍රී ආහාර වෙලාවේ නිදා ගැනීම මගේ ගුවන් ගමනේ සිටි මනුෂ්‍යයන්ට මෝඩකමක් සේ පෙනෙන්නට ඇත. නමුත් ලෝකයේ මධ්‍යම රාත්‍රිීය වුවත් ඇදහිලිවන්තයන් වශයෙන් උදෑසන මෙන් ජිීවත් වීමට අපව කැඳවා තිබේ. මෙය නින්දා සහ විරුද්ධවාදීකම් ඇති කළ හැකි වුවත් යේසුස්වහන්සේ තුළ අපට “ප්‍රේමයෙන් හැසිරෙමින්” අපට “ප්‍රේමකරන්නාවූ දෙවියන්වහන්සේට මිහිරි සුවඳක් වන පිණිස පූජාවක්ද යාගයක්ද කොට අප වෙනුවට තමන්ව පාවාදුන්නාවූ” තැනන්වහන්සේගේ ආදර්ශය අනුගමනය කළ හැකිය.