රුවන්ඩා ජන සංහාරයෙන් තම ස්වාමි පුරුෂයා සහ ඇගේ දරුවන් කිහිප දෙනෙකු ඝාතනය කළ මනස්සේට ඇය සමාව දුන් ආකාරය ගැන බීටා පැවසුවේ “මගේ සමාව දීම පදනම් වී ඇත්තේ යේසුස්වහන්සේ කළ දේ මතය. මුළු කාලය පුරාම කරන ලද සෑම දුෂ්ඨ ක්‍රියාවකම දඬුවම උන්වහන්සේ ලබා ගත් සේක. උන්වහන්සේගේ කුරුසිය අපට ජයග්‍රහණය සොයා ගත හැකි ස්ථානයයි – එකම ස්ථානයයි! ඔහුව පෙළන භයානක සිතුවිලි විස්තරාත්මකව දක්වමින් ඇගෙන් සහ දෙවියන්වහන්සේගෙන් සමාව යදිමින් මනස්සේ සිර ගෙදර සිට කිහිප වතාවක්ම බීටාට ලිපි යවා තිබුණි. මුලදී ඇයට මනස්සේට දයාව පෙන්විය නොහැකි වූයේ තම පවුල ඝාතනය කළ නිසා ඔහුට වෛර කිරීම නිසාවෙන් බව බීටා පැවසුවාය. නුමුත් පසුව “යේසුස් වහන්සේ ඇගේ සිතුවිලි වලට ඇතුල් වුණි”. පසුව දෙවියන්වහන්සේගේ උපකාරයෙන් වසර දෙකකට පසුව ඇය ඔහුට සමාව දුන්නාය.

පසුතැවිලි වන අයට සමාව දෙන ලෙසට යේසුස්වහන්සේ විසින් තම ගෝලයන්ට දෙන ලද උපදෙස් බීටා මෙහිදී අනුගමනය කළාය. යේසුස්වහන්සේ පැවසුවේ “ඔහු නුඹට විරුද්ධව පව්කොට, සත් වරක් නුඹ වෙතට හැරී : මම පසුතැවෙමියි කීවොත් ඔහුට සමාව දෙන්න” යනුවෙනි (ලූක් 17:4). “අපගේ ඇදහිල්ල වැඩි කළ මැනව” (5 පදය) කියා කිවූ ගෝලයන්ගේ ප්‍රතිචාරයෙන් අපට පෙනෙන්නේ සමාව දීම අතීශයින්ම දුෂ්කර බවයි.

ඔහුට සමාව දීමට නොහැකි වීම ගැන ඇය යාච්ඤාවෙන් පොර බැදූ නිසා ඇගේ ඇදහිල්ල වැඩි විය. ඇය මෙන් අපත් සමාව දීම ගැන අරගලයක නියුතු වන්නේ නම් දෙවියන්වහන්සේගේ ශුද්ධාත්මයාණන් මගින් අපට උපකාර කරන ලෙසට දෙවියන්වහන්සේගෙන් ඉල්ලා සිටිය හැකිය. අපගේ ඇදහිල්ල වැඩි වන විට සමාව දීමට උන්වහන්සේ අපට උපකාර කරන සේක.