හිමාලය කඳු පාමුළ අසල කවුළු නොමැති නිවාස පේළියක් එක් නරඹන්නෙක් දුටුවේය. ඔහුගේ මග පෙන්වන්නා පැහැදිළි කළේ නිදා සිටියදී යක්‍ෂයින් තම නිවසට රිංගා ගනීයයි බියවූ ගම් වැසියන් කවුළු නොමැති බිත්ති ඉදි කළ බවයි. ගෘහ හිමියෙකු යේසුස්වහන්සේ අනුගමනය කරන්න පටන් ගත්තේ කවදාදැයි ඔබට කිව හැකි වන්නේ ආලෝකය නිවසට ඇතුල්වීම පිණිස ඔහු කවුළුවක් ඉදි කිරීමේ හේතුවෙනි.

ඒ හා සමාන දෙයක් අප තුළ සිදුවිය හැකි නමුත් අප එය ඒ ආකාරයෙන් නොදකිනු ඇත. අප ජීවත් වන්නේ බිය ජනක සහ ප්‍රතිවිරුද්ධ පාර්ශවයන් සිටින කාලයකය. සාතන් සහ උගේ සහායක යක්‍ෂයින් පවුල් සහ මිතුරන් වෙන් කරන කෝපාවිෂ්ඨ බෙදීම් ඇති කරයි. මගේ බිත්ති පිටුපස සැඟවෙන්න බොහෝ විට මට සිතේ. නමුත් යේසුස්වහන්සේට අවශ්‍ය වන්නේ මම කවුළුවක් සාදා ගැනීමයි.

ඉශ්‍රායලය උස් පවුරුවල රැකවරණය පැතූ නමුත් දෙවියන්වහන්සේ පැවසුවේ ඔවුන්ගේ ආරක්‍ෂාව උන්වහන්සේ තුළ බවය. උන්වහන්සේ ස්වර්ගයේ සිට රජකම් කරන අතර උන්වහන්සේගේ වචනය සියල්ල පාලනය කරන්නේය (යෙසායා 55:10-11 පද). ඉශ්‍රායලය උන්වහන්සේ වෙතට නැවත හැරී එන්නේ නම් දෙවියන්වහන්සේ ඔවුන්ට අනුකම්පා කරන්නේය (7 පදය). එසේම ලෝකයට ආශිර්වාද කිරීම පිණිස උන්වහන්සේගේ සෙනග මෙන් ඔවුන්ව නැවත පිහිටුවන සේක (උත්පත්ති 12:1-3). උන්වහන්සේ ඔවුන්ව ඔසවා අවසානයේ ජයග්‍රාහී පෙළපාලියක් මෙන් ගෙන යන සේක. මෙම සැමරුම “ස්වාමින්වහන්සේට නාමයක් සහ මැකී නොයන සදාකාල ලකුණක්ද වන්නේය” (යෙසායා 55:13).

සමහර විට බිත්ති අවශ්‍ය වේ. වඩාත් සුදුසු වන්නේ කවුළු සහිත බිත්තිය. අනාගතය ගැන අපි දෙවියන් වහන්සේව විශ්වාස කරන බව මේවා පෙන්නුම් කරයි. අපේ බිය සැබෑය. අපගේ දෙවියන්විහන්සේ ශ්‍රේෂඨය. කවුළු, “ලෝකයේ ආලෝකය” වන යේසුස්වහන්සේ වෙත අපටත් උන්වහන්සේව අවශ්‍ය වන අන් අය වෙතටත් විවෘත වන්නේය.