ජේම්ස්ට වයස අවුරුදු හයේදී ඔහුගේ වැඩිමහල් සහෝදරයා වූ ඩේවිඩ් අයිස් මත ලිස්සා යාමේ ක්‍රීඩාවේදී අනතුරකින් ඛේදජනක ලෙස මිය ගියේය. ඒ ඩේවිඩ්ගේ දහහතර වන උපන් දිනයට පෙර දිනයේය. ඊළඟ වසර වලදී තම මව වන මාග්‍රට්ව සැනසිමට ජේම්ස් උපරිම ලෙස උත්සාහ දැරූහ. ඇගේ ගැඹුරුම වේදනාව තුළ ඇය සැම විටම ඇයටම මතක් කර දුන්නේ තම වැඩිමහල් පුතාට තරුණ කාලයේ අභියෝගයන්ට මුහුණ දීමට සිදු නොවූ බවයි. ජේම්ස් බැරීගේ සිතුවිලි වල වසර ගණනාවකට පසුව එම අදහසම පැන නැංගේ කිසිදා වයසට නොගිය ආදරණීය ළමා චරිතයක් වන පීටර් පෑන් ළමා කථාවෙනි. පදික වේදිකාව හරහා ගමන් කරන මලක් මෙන් සිතා ගත නොහැකි හෘද වේදනාවේ රළු බිමෙන් පවා යහපත ඉස්මතු වේ.

අපගේ දුෂ්කර තත්ත්වයන්ගෙන් යහපත් දේ පිටතට ගෙන ඒමට දෙවියන්වහන්සේට අසීමිත නිර්මාණාත්මක හැකියාවක් ඇතැයි යන සිතුවිල්ල කෙතරම් සැනසිලිදායකද? මේ පිළිබඳව මනහර නිදර්ශනයක් පැරණි ගිවිසුමේ රූත්ගේ කථාවේ සඳහන් වන්නේය. නායොමිට ඇගේ පුතුන් දෙදෙනා අහිමි වූ නිසා ඇයට කිසිම යැපීමේ ක්‍රමයක් හෝ උපකාරයක් නොවුනි. ඇගේ වැන්දඹු ලේලිය වන රූත් නායොමි සමග රැඳී සිටීමට තීරණය කළේ ඇයට උපකාර කිරීමට සහ ඇගේ දෙවියන්වහන්සේට සේවය කිරීමටය (රූත් 1:16). අන්තිමේදී දෙවියන්වහන්සේගේ සැපයීම ඔවුන්ට අනපේක්‍ෂිත ප්‍රීතියක් ගෙන දුන්හ. රූත් නැවත විවාහ වී දරුවෙක් ලැබුවාය. “නායොමිට පුත්‍රයෙක් උපන්නේය කියා ඔහුට ඔබෙද් යන නම තැබුවෝය. ඔහු දාවිත්ගේ පියවූ යෙස්සේගේ පියාය”. ඔහුද යේසුස්වහන්සේගේ පෙළපතේ ලැයිස්තුගත වනු ඇත (මතෙව් 1:5).

දෙවියන්වහන්සේගේ මෘදු දයාව අපට තේරුම් ගැනීමට නොහැකි තරමට ළඟාවන අතර පුදුමාකාර ස්ථානවලදී එය අපට හමුවේ. දිගටම බලා සිටින්න. සමහර විට ඔබ අද එය දකිනු ඇත.