2020 දී කොරෝනා වෛරසය පැතිරී යාමෙන් ලෝකයම භීතියට පත් විය. මිනිසුන් නිරෝධායනය කරන ලදී. රටවල් වසා දැමුණි. ගුවන් ගමන් සහ විශාල සිදුවීම් අවලංගු කෙරුණි. වෛරසය පැතිර නොමැති ප්‍රදේශවල වෙසෙන අය පවා වෛරසය වැළඳෙනු ඇතැයි බිය විය. සාංකාව පිළිබඳ විශේෂඥයෙක් වන ග්‍රැහැම් ඩේවි විශ්වාස කරන්නේ සෘණාත්මක ප්‍රවෘත්ති විකාශනය “ඔබව දුකට හා කණස්සල්ලට පත් කිරීමට ඉඩ ඇති බවයි”. සමාජ මාධ්‍ය තුළින් එක්තරා වීඩියෝ දර්ශනයකින් පෙන්වූයේ රූපවාහිණියේ ප්‍රවෘත්ති නරඹන එක් මනුෂ්‍යයෙක් කරදර වීම නරත කරන්නේ කෙසේදැයි විමසා තිබේ. ප්‍රතිචාර වශයෙන් කාමරයේ සිටි අනෙක් පුද්ගලයා රූපවාහිණිය වෙතට ගොස් එය අක්‍රිය කළේය. ඔහු අදහස් කළේ අවධානය වෙනතකට යොමු කිරීම එයට පිළිතුර විය හැකි බවයි.

කරදර වීම නැවැත්වීමට ලුක් 12 හි අපට උපදෙස් කිහිපයක් ලබා දෙයි. “උන්වහන්සේගේම රාජ්‍ය සොයන්න” (31 පදය) කියාය. උන්වහන්සේගේ අනුගාමිකයන්ට ස්වර්ගයේ උරුමයන් ඇති බවට වූ පොරොන්දු කෙරෙහි අවධානය යොමු කරන විට අපි දෙවියන්වහන්සේගේ රාජ්‍යය සොයන්නෙමු. අපි දුෂ්කරතාවයන්ට මුහුණ දෙන විට අපගේ අවධානය එයින් ඉවත් කර දෙවියන්වහන්සේ අපව දකින බවත් අපගේ අවශ්‍යතා දන්නා බවත් සිහිකරමු (24-30 පද).

යේසුස්වහන්සේ ගෝලයන්ව දිරිගන්වන සේක : “කුඩා රැළ භය නොවන්න. මක්නිසාද නුඹලාට රාජ්‍ය දෙන්ට නුඹලාගේ පියාණන් වහන්සේ ප්‍රසන්නව සිටින සේක” (32 පදය). අපට ආශිර්වාද කරන්න දෙවියන්වහන්සේ ප්‍රසන්න වන සේක. අහසේ කුරුල්ලන්ට හා කෙතේ මල්වලට වඩා උන්වහන්සේ අප ගැන සැළකිලිමත් වන බව දැන ගෙන අපි උන්වහන්සේට නමස්කාර කරමු (22-29 පද). දුෂ්කර කාල වලදී පවා දේව වචනය කියවා දෙවියන්වහන්සේගේ සමාදානය සඳහා යාච්ඤා කර යහපත් සහ විශ්වාසවන්ත අපගේ දෙවියන් වහන්සේ කෙරෙහි විශ්වාසය තැබිය හැකිය.