එක් ක්‍රීඩකයෙක් පමණක් ඉතිරි වන තෙක් ක්‍රීඩා කිරීමට ක්‍රීඩකයින් සියයක් දුපතක එකට එකතු වන මෙම වීඩියෝ ක්‍රීඩාව සංස්කෘතික සංසිද්ධියක් බවට පත්ව ඇත. ක්‍රීඩකයෙක් ඔබව තරඟයෙන් ඉවත් කරන සෑම විටම ක්‍රීඩකයාට වඩා උස් බිමක සිට එය නැරඹිය හැකිය. එක් මාධ්‍යවේදියෙක් සඳහන් කරන පරිදි “ඔබ වෙනත් ක්‍රීඩකයෙක්ගේ තත්ත්වය තුළට ගොස් ඔහුගේ දෘෂ්ටි කෝණයෙන් බලන විට ඔවුන්ව හඳුනා ගැනීමට පුළුවන…. එසේම මොහොතකට පෙර ඔබව ඉවත් කළ ආගන්තුකයා වෙනුවෙන් ඔබ ආයෝජනය කරන බව ඔබට හැඟී යනු ඇත” කියාය.

අප වෙනත් කෙනෙකුගේ අත්දැකීම්වලට විවෘත වෙමින් අපගේ දෘෂ්ඨි කෝණයෙන් ඔබ්බට බලා තවත් කෙනෙකුගේ වේදනාව, බිය හෝ බලාපොරොත්තු අත්දකිද්දී වෙනස් වීම සිදුවන්නේය. අප යේසුස් වහන්සේගේ ආදර්ශය අනුගමනය කරමින් “පක්‍ෂවාදීකමෙන්වත් නිශ්ඵල පාරට්ටු කමෙන්වත් කිසි දෙයක් නොකොට” ඒ වෙනුවට “එකිනෙකා තමාට වඩා වෙන කෙනෙක් උතුම්යැයි යටහත්කමින් සිතන කල” අපට වෙනත් ආකාරයකින් මග හැරී ඇති දේවල් අපි දකින්නෙමු (පිලිප්පි 2:3). අපගේ සැළකිල්ල පුළුල් වන්නේය. අපි විවිධ ප්‍රශ්න අසන්නෙමු. අපගේම අවශ්‍යතා ගැන පමණක් සිතනවාට වඩා අපි අනෙකාගේ යහපැවැත්ම සඳහා ආයෝජනය කරන්නෙමු. අපගේම කාරණාවන් ගැන බලනවා වෙනුවට “අපි අනෙක් අයගේත් කාරණා ගැන බලන්න” ආශා වන්නෙමු (4 පදය). අපි වෙහෙස වීමට අවශ්‍ය යයි සිතන දේ ආරක්‍ෂා කරනවා වෙනුවට අන් අයට සමෘද්ධිමත් වීමට උපකාර වන දේ කිරීමට ප්‍රීතියෙන් වෙහෙසෙන්නෙමු.

මෙම වෙනස් දැක්ම සමග අපි අන් අය කෙරෙහි අනුකම්පාව දක්වමු. අපගේ පවුලට ප්‍රේම කිරීමට අපි නව ක්‍රම සොයා ගන්නෙමු. සමහර විට සතුරෙක්ව අපගේ මිතුරෙක් කර ගත හැකි වන්නේය.