ඇගේ පාසැලේ වොලිබෝල් කණ්ඩායමේදී මගේ මිණිපිරිය ජයග්‍රාහී ප්‍රතිපත්තියක් ඉගෙන ගත්තාය. ඇය වෙතට බෝලය පැමිණි විට කුමක් වූවත් ඇයට “පන්දුව වඩා හොඳ” එකක් කළ හැකිය. ඇයට තම කණ්ඩායමේ සාමාජිකයන්ව වඩා හොඳ තත්ත්වයකට ගෙන එන තරඟයක් කළ හැකිය. නින්දා අපහාස කිරීම්, දොස් පැවරීම් හෝ නිදහසට කරුණු ඉදිරිපත් කිරීම් හෝ නොකර සෑම විටම තත්ත්වය යහපත් කළ හැකිය.

බබිලෝනියේ රජවූ නෙබුකද්නෙශර් විසින් දානියෙල් සහ ඔහුගේ හෙබ්‍රෙව් මිතුරන් තිදෙනා වහල් භාවයට ගෙන ගිය විට දානියෙල්ගේ ප්‍රතිචාරය එසේ විය. ඔවුන්ට මිථ්‍යාදෘෂ්ටික නම් ලබා දී සතුරාගේ මාළිගාවේ වසර තුනක “පුහුණුවක්” ලබා දෙන ලෙස නියෝග කළද දානියෙල් කෝප වූයේ නැත. ඒ වෙනුවට රාජ භෝජන සහ මුද්‍රක පානය ලබා ගැනීමෙන් දෙවියන්වහන්සේ ඉදිරියෙහි අපවිත්‍ර නොවීමට ඔහු අවසර ඉල්ලා සිටියේය. මෙම කුතුහලය දනවන බයිබල් කථාවේ දැක්වෙන පරිදි දින දහයක් එළවළු සහ ජලය හැර අන් කිසිවක් ආහාරයට නොගැනීමෙන් පසු (දානියෙල් 1:12) “රජුගේ භෝජනයෙන් කෑවාවූ සියලු යෞවනයන්ට වඩා ඔව්හු පෙනීමෙන් හොඳව මාංසයෙන් තරව සිටියෝය” (15 පදය).

තවත් අවස්ථාවක නෙබුකද්නෙශර් රජුගේ කරදරකාරී සිහිනය කුමක්ද කියා කීමට නොහැකි වුවහොත් සහ එහි අර්ථය කියා දීමට නොහැකි වුවහොත් දානියෙල් සහ මාළිගා බුද්ධිමතුන් සියලු දෙනාම මරා දමන බවට තර්ජනය කළේය. නැවතත් දානියෙල් කලබල නොවී “ස්වර්ගයේ දෙවියන්වහන්සේගෙන් අනුකම්පාව ඉල්ලා” සිටියේය. එවිට රාත්‍රියේ දර්ශනයකින් ඒ රහස දානියෙල්ට එළිදරව් වුණි (19 පදය). දානියෙල් ප්‍රකාශ කළ පරිදි “ප්‍රඥාවත් බලයත් අයිති උන්වහන්සේටය” (20 පය). වහල්භාවය පුරාම දානියෙල් මුහුණ දුන් ගැටුම් නොතකා දෙවියන්වහන්සේගේ උපකාරය සෙව්වේය. අපගේ කරදරවලදීද අපි එම ආදර්ශය අනුගමනය කරමින් එය දෙවියන්වහන්සේ වෙතට ගෙන ගොස් තත්ත්වය යහපත් කර ගනිමු.