ඩොලර් 300,000 කට ඔබට නව මැක්ලරන් 720 එස් ක්‍රීඩා මෝටර් රථයක් මිළදී ගත හැකිය. වාහනය අශ්ව බල 710 ක් පොම්ප කරන V8 එන්ජිමකින් යුක්ත වන අතර එය ඔබගේ උදෑසන ගමනට අවශ්‍ය ප්‍රමාණයට වඩා බොහෝ සෙයින් වැඩිය.

ඇත්ත වශයෙන්ම ඒ සියලු බලය භාවිතා කිරීමට ඔබ පෙළඹෙනු ඇත. වර්ජිනියාවේ ජීවත්වන එක් රියැදුරෙක් ඔහුගේ මැක්ලරන් මෝටර් රථය කෙතරම් වේගවත්ද කිවහොත් එයට ඉහළ මට්ටමේ ප්‍රදර්ශනාගාරයක සිට යකඩ ගොඩකට පැය විසිහතරකින් යා හැකි බව පැවසුවේය. දිනක් මෝටර් රථය මිළදී ගැනීමෙන් පසුව ඔහු එය පදවා ගෙන ගොස් ගසක හැප්පුණේය. (ස්තුතිවන්ත වන්න. ඔහු බේරුණේය).

බයිබලයේ කතන්දරයට පරිච්ඡේද තුනක් පමණක් තිබියදී වෙනස් ආකාරයක තේරීමක් සහ ගසක් දෙවියන් වහන්සේගේ යහපත් මැවිල්ලට බාධා කළ ආකාරය අපි ඉගෙන ගනිමු. අත් හරින්න කිවූ එකම එක ගසෙන් ආදම් සහ ඒව කෑවෝය (උත්පත්ති 3:11). කථාව යන්තම් ආරම්භ වූවා පමණි පාරාදීසය ශාපයට ලක් විය (14-19 පද).

මෙම ශාපය අහෝසි කිරීමේදී තවත් ගසක් කාර්යභාරයක් ඉටු කරනු ඇත. ඒ යේසුස්වහන්සේ අප වෙනුවෙන් විඳ දරාගත් කුරුසියයි. උන්වහන්සේගේ මරණය උන්වහන්සේ සමග අපගේ අනාගතය මිළදී ගත්තේය (ද්වීථීය කථාව 21:23; ගලාති 3:13).

මෙම කථාව බයිබලයේ අවසාන පරිච්ඡේදයේ සම්පූර්ණ වේ. එහිදී අපි “ජීවන දායක වතුර ඇති ගංගාවක්” අසළ වැඩෙන “ජීවන වෘක්‍ෂය” ගැන කියවන්නෙමු (එළිදරව් 22:1-2). යොහන් විස්තර කරන පරිදි මෙම ගස
“ජාතීන්ගේ සුව වීම පිණිස” (2 පදය) වේ. එසේම “කිසි ශාපයක් තවත් නොවන්නේය” (3 පදය) කියා ඔහු අපට සහතික වන්නේය. දෙවියන්වහන්සේගේ කථාව පැමිණෙන්නේ අපි සැවොම බලා සිටින සදාකාලික සතුටු ජීවිතයකටය.