“ඇයව ඉවසිය හැකි නමුත් මාව පෙළඹවීමට තරම් කඩවසම් නැත”. ජේන් ඔස්ටන්ගේ “අහංකාරය සහ පක්‍ෂපාතකම” යන ග්‍රන්ථයේ ඩාර්සි මහතා විිසින් කරන ලද මෙම ප්‍රකාශය එම නවකථාව සහ එය මා කෙරෙහි ඇති කළ බලපෑම නිසා මට එය කිසිදා අමතක නොවනු ඇත. මක්නිසාදයත් එම එක වැකිය කියවීමෙන් පසු මම කිසි දිනෙක ඩාර්සි මහතාට කැමති නොවන්නෙමි කියා මම තරයේ තීරණය කළ හෙයිනි.

නමුත් මම වැරදියි. ඔස්ටන්ගේ චරිතය වන එලිසබෙත් බෙනට් මෙන් මගේ මනස සෙමෙන් හා තරමක් අකමැත්තෙන් වෙනස් කර ගැනීමේ නිහතමානී අත්දැකීමක් මට තිබුණි. ඇය මෙන් ඩාර්සිගේ චරිතය සමස්ථයක් ලෙස දැන ගැනීමට මා අකමැති වීමි. එහෙත් ඔහුගේ එක් නරකම අවස්ථාවකට මම දැක්වූ ප්‍රතිචාරය මත රැඳී සිටීමට මම කැමති වීමි. නවකථාව අවසන් කිරීමෙන් පසුව සැබෑ ලෝකයේ මම එම වැරැද්ද කළේ කා සමගදැයි කල්පනා කළෙමි. හදිසි විනිශ්චයක් අත් නොහැරි නිසා මට අහිමි වූ මිත්‍රත්වයන් මොනවාද?

යේසුස්වහන්සේ කෙරෙහි ඇදහිල්ලේ හදවතක් කරණකොට ගෙන අපගේ නරකම අවස්ථාවෙන්වලදී පවා අපගේ ගැළවුම්කරුවාණන් දැකීමත්, ප්‍රේමය ලැබීමත්, වැළඳ ගැනීමත් අපට අත් විඳිය හැකිය (රෝම 5:8;
1 යොහන් 4:19). අපි ක්‍රිස්තුස්වහන්සේ තුළ සැබවින්ම සිටින නිසා අපගේ පැරණි ව්‍යාජ ආත්මයන් අපට උන්වහන්සේට භාර දිය හැකිය (එපීස 4:23-24). එසේම එය අප තවදුරටත් තනිවම නොව “ප්‍රේමයේ මාර්ගයේ” එනම් සැබෑ කොන්දේසි විරහිත ප්‍රේමයේ හැසිරෙන්න ඉගෙන ගන්නා “ශරීරය” වන පවුලක කොටසක් බව වටහා ගැනීමේ ප්‍රීතියයි (5:2).

ක්‍රිස්තුස්වහන්සේ අප වෙනුවෙන් කර ඇති දේ අප සිහිපත් කරන විට (2 පදය) උන්වහන්සේ අපව දකින ආකාරයට අපටත් අන් අය දෙස බලන්න ආශා නොවන්නේ කෙසේද?