“තාත්තේ ඔයා මට කියවනවද?” කියා මගේ දියණිය ඇසුවාය. එය දරුවෙක් දෙමව්පියන්ගෙන් අසන අසාමාන්‍ය ප්‍රශ්නයක් නොවේ. නමුත් මගේ දියණියට දැන් වයස අවුරුදු එකොළහකි. ඇගේ කුඩා කාලයට වඩා මෙවැනි කාලයකදී එවැනි ඉල්ලීම් අඩුය. “ඔව්” මම ප්‍රීතියෙන් කීවෙමි. ඇය කවිච්චියේ මා අසළින් ගුලි වූවාය.

මම ඇයට “The fellowship of the” නැමැති කථාවෙන් කියවන විට ඇය මා වෙතටම තුරුළු වූවාය. එය දෙමාපියන් මෙන් අපට ලැබී ඇති මහිමාන්විත අවස්ථාවක් වන අතර එය සමහර විට අප වෙනුවෙන් අපගේ පියාණන් වහන්සේගේ සම්පූර්ණ ප්‍රේමයේ ඉඟියක් සහ උන්වහන්සේගේ අභිමුඛයේ අපි ගුලි වෙනවාට උන්වහන්සේ තුළ ඇති ගැඹුරු ආශාව සහ අප වෙනුවෙන් ඇති උන්වහන්සේගේ ප්‍රේමය ගැන ඇති වන හැඟීමට සමාන වන්නකි.

මම මගේ එකොළොස් හැවිරිදි දරුවා මෙන් යයි ඒ වේලේ මම තේරුම් ගත්තෙමි. බොහෝ විට මම ස්වාධීන වීමට අවධානය යොමු කළෙමි. “ස්වාමින්වහන්සේ දයාවන්තය. ධර්මිෂ්ඨය… අනුකම්පාවෙන් යුක්තය” (5 පදය) යනුවෙන් ගීතාවලිය 116 හි විස්තර කෙරෙන අප වෙනුවෙන් වූ දෙවියන්වහන්සේගේ ප්‍රේමයේ ස්පර්ශය නැති කර ගැනීිම කෙතරම් පහසුද. මෙම ප්‍රේමය නම් උන්වහන්සේ මා කෙරෙහි දක්වන ප්‍රීතිය නිසා මගේ දියණිය මෙන් මටත් නිවසේදී දෙවියන්වහන්සේගේ උකුළේ ගුලි වීමට හැකි වීමයි.

ගීතාවලිය 116:7 හි යෝජනා කරන්නේ දෙවියන්වහන්සේගේ යහපත් ප්‍රේමය ගැන අප නිතරම මතක් කර ගත යුතු බවත් දිගු කර ගෙන සිටින උන්වහන්සේගේ දෑත්වලට ගුලි විය යුතු බවත්ය : “මාගේ ආත්මය නුඹගේ නිවාඩුවට හැරී යව. මක්නිසාද ස්වාමින්වහන්සේ නුඹට බොහෝසේ යහපත්කම් කළ සේක”. ඇත්තෙන්ම උන්වහන්සේ එසේ කළ සේක.