ඉතිහාසඥයින් පවසන්නේ පරමාණුක යුගය ආරම්භ වූයේ 1945 ජූලි මස 16 වන දින මෙක්සිකෝවේ දුර බැහැර කාන්තාරයක පළමු න්‍යාෂ්ටික අවිය පුපුරා යාමෙන් පසුව බවයි. නමුත් ග්‍රීක දාර්ශනිකයෙකු වන ඩිමොක්‍රිටස් (ක්‍රි.පූ. 460-370) විසින් විශ්වයෙන් මෙම කුඩා ගොඩනැගිලි කොටස් පවා දැකිය හැකි කිසිවක් සොයා ගැනීමට බොහෝ කලකට පෙර පරමාණුවේ පැවැත්ම හා බලය ගවේෂණය කරමින් සිටියේය. ඩිමොක්‍රිටස් තමන් දුටු දේවල්වලට වඩා බොහෝ දේ වටහා ගත් අතර පරමාණුක සිද්ධාන්තය එහි ප්‍රතිඵලයක් වුනි.

දේව වචනය අපට පවසන්නේ ඇදහිල්ලේ සාරය නොපෙනෙන දේ වැළඳ ගැනීම බවයි. හෙබ්‍රෙව් 11:1 මෙය සනාථ කරයි : “ඇදහිල්ල නම් බලාපොරොත්තු වන දේවල් ගැන සහතිකයය. නොදක්නා දේවල් ගැන ඔප්පුවය”. මෙම සහතිකය, ප්‍රාර්ථනා කරන හෝ ධනාත්මක චින්තනයේ හෝ ප්‍රතිඵලයක් නොවේ. එය අපට නොපෙනෙන දෙවියන්වහන්සේ කෙරෙහි විශ්වාස කිරීම සහ උන්වහන්සේගේ පැවැත්ම විශ්වයේ තිබෙන යථාර්ථය බව වටහා ගැනීමද වන්නේය. උන්වහන්සේගේ යථාර්ථය මුළු විශ්වයේ තිබෙන්නාවූ නිර්මාණාත්මක ක්‍රියාවල (ගීතාවලිය 19:1) ප්‍රදර්ශනය වන අතර පියාණන්වහන්සේගේ ප්‍රේමය අපට පෙන්වීමට පැමිණි උන්වහන්සේ පුත් යේසුස්වහන්සේ තුළ උන්වහන්සේගේ අදෘශ්‍යමාන ස්වභාවය සහ මාර්ග හෙළි කිරීමෙන් පෙනී යන්නේය (යොහන් 1:18).

අපෝස්තලු පාවුල් දක්වන පරිදි මෙම දෙවියන්වහන්සේ තුළ “අපි ජීවත් වෙමුව. හැසිරෙමුව. සිටිමුව” (ක්‍රියා 17:28). එම නිසා අපි “ජීවත්වන්නේ පෙනීමෙන් නොව ඇදහීමෙන්ය” (2 කොරින්ති 5:7). නමුත් අපි ගමන් කරන්නේ තනිවම නොවේ. නොපෙනෙන දෙවියන්වහන්සේ සෑම පියවරකදීම අප සමග ගමන් කරන සේක.