වසර පහළොවක් තිස්සේ මයික් බර්ඩන් තමා ජීවත් වූ කුඩා නගරයේ පිහිටි තමාගේ සාප්පුව තුළ වෛරය උපදවන රැස්වීම් පැවැත්වීය. නමුත් 2012 දී ඔහුගේ බිරිඳ ඔහු සම්බන්ධවී ඇති දේ ගැන ප්‍රශ්න කිරීමට පටන් ගත් විට ඔහුගේ හදවත මෘදු විය. ඔහුගේ වර්ගවාදී අදහස් කෙතරම් වැරදිදැයි ඔහුට වැටහී ගිය අතර තවදුරටත් එම පුද්ගලයා වීමට ඔහු කැමති නොවීය. සටන්කාමී සාමාජිකයෙක්ගේ නිවසක කුලියට සිටි මෙම පවුලෙන් සටන්කාමීන් පළිගත්තේ ඔවුන්ව එම නිවසෙන් පන්නා දැමීමෙනි.

ඔහු උපකාරය සඳහා ගියේ කොහේද? පුදුමයට කරුණක් නම් ඔහු ගැටුම් ඇති කර ගත් ප්‍රාදේශීය කළු දේවගැති වරයෙක් වෙත ගියේය. දේවගැති වරයා සහ ඔහුගේ සභාව ටික කාලයකට මයික්ගේ පවුලට නිවාසයක් සහ සිල්ලර බඩු ලබා දුන්හ. ඔහු උපකාර කිරීමට එකඟ වුයේ ඇයි කියා ඇසූ විට දේවගැති කෙනඩි පැහැදිළි කළේ “යේසුස් ක්‍රිස්තුස්වහන්සේ අප්‍රසාදයට පත් දේවල් කිහිපයක් කළ සේක. නමුත් උදව් කිරීමට කාලය පැමිණි විට ඔබ දෙවියන්වහන්සේට අවශ්‍ය දේ කරන්න” යනුවෙනි. පසුව මයික් දේවගැති කෙනඩිගේ සභාවේ කථා කරමින් වෛරය පැතිරවීම සම්බන්ධයෙන් කළු ජාතිකයන්ගෙන් සමාව ඇයැද සිටියේය.

කන්ද උඩ දෙශනාවේදී යේසුස්වහන්සේ ප්‍රිය නොවූ අදහස් කිහිපයක් ඉගැන්වූ සේක. “නුඹෙන් ඉල්ලන්නාට දෙන්න…..නුඹලාගේ සතුරන්ට ප්‍රේම කරන්න. නුඹලාට පීඩා කරන්නන් උදෙසා යාච්ඤා කරන්න” (මතෙව් 5:42, 44). දෙවියන්වහන්සේ අපට අනුගමනය කරන ලෙස කැඳවූ සිතීමේ උඩු යටිකුරු මාර්ගය එයයි. එය දුර්වලකමක් සේ පෙණුනද, එය ඇත්තෙන්ම දෙවියන්වහන්සේගේ ශක්තියෙන් ක්‍රියා කිරීමක් වන්නේය.

අපට උගන්වන තැනන්වහන්සේම තමයි උන්වහන්සේ කියන ඕනෑම ආකාරයකින් මෙම උඩු යටිකුරු ජීවිතය ගත කිරීමට අපට බලය ලබා දෙන්නේ.