ඉතාමත් වෙහෙසට පත්වී සහ දැලි වලින් දැවටී ගිනි නිවන භටයන් දෙදෙනෙක් උදෑසන ආහාරය සඳහා අවන්හලක නතර වූ විට අවන්හලේ සේවය කරන කාන්තාව ප්‍රවෘත්තිවලින් දුටු එම මිනිසුන් හඳුනා ගෙන ඔවුන් ගබඩාවේ ගින්නත් සමග සටන් කරමින් මුළු රාත්‍රියම ගත කරන්න ඇතැයි වටහා ගත්තාය. ඇය ඔවුන්ව අගය කරන බව පෙන්වීමට ඔවුන්ගේ බිල්පතේ සටහනක් ලීවාය. “අද ඔබේ උදෑසන ආහාරය මගෙන්. අන් අයට සේවය කිරීම සහ අනෙක් සියල්ලන් පලා යන ස්ථානයට දිව යන ඔබට ස්තුතියි….. ගින්නෙන් ශක්තිය ලැබ ධෙර්්‍යයෙන් ඉදිරියට යන ඔබ මොනතරම් ආදර්ශයක්ද!”.

පරණ ගිවිසුමේ තරුණයින් තිදෙනෙකුගේ ක්‍රියාවක් තුළින් ධෛර්්‍යය පිළිබඳ උදාහරණයක් අපට දැකගත හැක්කේය. එනම් : ෂද්‍රක්, මේෂක් සහ අබේද්නෙගෝ යන තිදෙනාය (දානියෙල් 3). බබිලෝනීය රජුගේ පිළිරුවකට වැඳ වැටීමේ නියමයට කීකරු වීම ප්‍රතික්‍ෂේප කිරීම මගින් මෙම තරුණයෝ ධෛර්්‍යයවත්ව දෙවියන් වහන්සේ කෙරෙහි ඇති ප්‍රේමය පෙන්වුහ. ඔවුන්ගේ දඬුවම වූයේ ඇවිළෙන ගිනි උදුනකට වීසි කිරීමය. එහෙත් මෙම තරුණයෝ තිදෙනා පසු බැස්සේ නැත. “ඇවිළෙන ගිනි උදුනෙන් ගළවන්ට නම් අප සේවය කරන අපේ දෙවියන්වහන්සේට පුළුවන. රජ්ජුරුවෙනි, උන්වහන්සේ ඔබගේ අතින් අප ගළවන සේක. එසේ නොකළත් ……ඔබගේ දෙවිවරුන්ට අප සේවය කරන්නේවත් ඔබ පිහිටුවා තිබෙන රන් රූපයට නමස්කාර කරන්නේවත් නැති බව දැනගන්න” (දානියෙල් 3:17-18).

දෙවියන්වහන්සේ ඔවුන්ව ගළවා ගත්තා පමණක් නොව ගින්නෙහි ඔවුන් සමග ඇවිද්ද සේක (25-27). අද දිනයේ අපගේ දැවෙන පීඩා හා කරදරවලදී දෙවියන්වහන්සේ අප සමග සිටින බවට අපට සහතිකයක් ඇත. උන්වහන්සේට පුළුවන.