2019 මුල් භාගයේදී චාර්ලි වැන්ඩර්මීර් වයස අවුරුදු අසු හතරේදී මිය ගියේය. වසර ගණනාවක් තිස්සේ දහස් ගණනක් ජනයා ඔහුව හඳුන්වනු ලැබුවේ චාර්ලි මාමා ලෙසටය. ඒ ජාතික ගුවන් විදුලි විකාශනයේ “ළමා බයිබල් පැය” හි සත්කාරකත්වය ඔහු දැරූ නිසාය. චාර්ලි මාමා සදාකාලයට මෙම ලොවින් ඉවත්වී යාමට පෙර දින ඔහුගේ හොඳ මිතුරෙක්ට කියා තිබුණේ “එය ඔබ දන්නා දේ නොවේ. වැදගත් වන්නේ ඔබ දන්නේ කාවද යන්නයි. ඇත්ත වශයෙන්ම මම කථා කරන්නේ යේසුස් ක්‍රිස්තුස්වහන්සේ ගැනයි” යනුවෙනි.

ඔහු තම ජීවිතයේ අවසානයට මුහුණ දී සිටියද, යේසුස්වහන්සේ ගැන කථා කිරීමට සහ තම ගැළවුම්කරුවාණන් ලෙස උන්වහන්සේව පිළිගැනීමට මනුෂ්‍යයන්ට ඇති අවශ්‍යතාවය ගැනද ඔහුට කථා නොකරම බැරිවිය.

අපෝස්තලු පාවුල් යේසුස්වහන්සේව දැන ගැනීම ඔහුගේ වැදගත්ම කර්තව්‍යය ලෙස සැළකුවේය. “මාගේ ස්වාමිවූ ක්‍රිස්තුස් යේසුස්වහන්සේ ඇඳින ගැනීමේ උතුම්කම නිසා සියල්ල අලාභ යයි සළකමි. උන්වහන්සේ නිසා සියලු දේ මට නැතිවී ගියා පමණක් නොව ඒවා කුණු යයි සළකමි. එසේ කරන්නේ මම ක්‍රිස්තුස් වහන්සේ ලබා ගන්නා පිණිසත්……. ක්‍රිස්තුස්වහන්සේ තුළ සිටින පිණිසත්ය” (පිලිප්පි 3:8-9). අපි යේසුස් වහන්සේව දැන ගන්නේ කෙසේද? “යේසුස්වහන්සේ ස්වාමින්වහන්සේ යයි නුඹේ මුඛයෙන් ප්‍රකාශ කරන්නෙහි නම්, දෙවියන්වහන්සේ විසින් උන්වහන්සේව මළවුන්ගෙන් නැගිටවු බව සිතින් අදහස්නේහි නම් ඔබ ගළවනු ලබන්නෙහිය” (රෝම 10:9).

අපි යේසුස්වහන්සේ ගැන කරුණු දැන සිටිනවා විය හැකිය. සභාව ගැන අප සියල්ල දන්නවා විය හැකිය. එසේම බයිබලය ගැනද අපට හොඳ දැනුමක් තිබෙනවා විය හැකිය. නමුත් යේසුස්වහන්සේව ගැළවුම්කරුවාණන් ලෙස දැන ගැනීමට ඇති එකම ක්‍රමය වන්නේ උන්වහන්සේගේ ගැළවීමේ ත්‍යාගය පිළිගැනීමයි. අප විසින් දැන ගත යුතුම පුද්ගලයා වන්නේ උන්වහන්සේය.