පසුගිය වසර තුළ හෝ ඊට වැඩි කාලයකදී අපගේ ඇදහිල්ලේ “වචන මාලාව” දෙස නැවත හැරී බලන ලෙස කතුවරුන් ගණනාවක් ඇදහිලිවන්තයන්ගෙන් ඉල්ලා ඇත. නිදසුනක් වශයෙන් එක් ලේඛකයෙක් අවධාරණය කළේ දේවධර්මානුකූලව පොහොසත් වූ ඇදහිල්ලේ වචන පවා අධික ලෙස භාවිතා කිරීම තුළින් ශුභාරංචියේ ගැඹුර හා දෙවියන්වහන්සේ සඳහා අපගේ අවශ්‍යතාවය සමග සම්බන්ධතාවය නැතිවූ විට ඒවායේ බලපෑම නැති විය හැකි බවයි. එය සිදු වූ විට, පළමු වතාවට ශුභාරංචිය දැකිය හැකි වන තෙක් අපගේ උපකල්පනා අත්හැර දමා “මුල සිටම ඇදහිල්ලේ භාෂාව” මුදා හැරීමට අපට අවශ්‍ය විය හැකි යයි ඔහු යෝජනා කරන්නේය.

“මුල සිටම දෙවියන්වහන්සේ ගැන කථා කිරීමට” ඉගෙන ගැනීමට ඇති ආරාධනය මට මතක් කර දෙන්නේ
“සියලු ආකාරයෙන්ම සමහරෙක් ගළවන පිණිස … ශුභාරංචිය උදෙසා සියල්ල කරමි” (1 කොරින්ති 9:22-23) කියමින් තම ජීවිතය කැප කළ පාවුල් තුමාවය. යේසුස්වහන්සේ කළ දේ සන්නිවේදනය කරන්නේ කෙසේදැයි තමා හොඳින් දන්නා බව ඔහු කිසි විටෙකත් නොසිතුවේය. ඒ වෙනුවට ඔහු නිරන්තර යාච්ඤාව මත විශ්වාසය තැබූ අතර ශුභාරංචිය බෙදා ගැනීම සඳහා “නිවැරදි වචන” සොයා ගැනීමට ඔහුට උපකාර වන පිණිස ඔහු වෙනුවෙන් යාච්ඤා කරන ලෙසට ඔහු සෙසු ඇදහිලිවන්තයන්ගෙන් ඉල්ලා සිටියේය.

ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිලිවන්තයෙකු සෑම දිනකම නිහතමානීව හා උන්වහන්සේගේ වචනයට කීකරු වීමෙන් උන්වහන්සේගේ ප්‍රේමයේ ගැඹුරට යෑමේ අවශ්‍යතාවය අපොස්තලු තුමන් දැන සිටියේය (3:16-17). දෙවියන් වහන්සේගේ ප්‍රේමය කෙරෙහි අපි මුල් බැස ගන්නා විට සහ සැම දිනකම උන්වාහන්සේගේ කරුණාව මත අප රඳා පැවතීම පිළිබඳව වඩාත් දැනුවත් වන විට උන්වහන්සේ අප වෙනුවෙන් කර ඇති දේ පිළිබඳව බෙදා ගැනීමට නිවැරදි වචන සොයා ගැනීමට පුළුවන් වනු ඇත.