මාගේ වම් ඇසේ වේදනාකාරී සුළු සැත්කමකින් පසුව මගේ වෛද්‍යවරයා දර්ශන පරීක්‍ෂණයක් නිර්දේශ කළේය. විශ්වාසයෙන් යුතුව මම මගේ දකුණු ඇස ආවරණය කර ප්‍රස්ථාරයේ සෑම පේළියක්ම පහසුවෙන් කියෙව්වෙමි. මාගේ වම් ඇස ආවරණය කරමින් මම අමාරුවෙන් හුස්මක් හෙළුවෙමි. මම මෙතරම් අන්ධ වී ඇති බව මට නොතේරුණේ කෙසේද?

නව උපැස් යුවළට හැඩ ගැසෙන අතර ඒ තුළින් නව දෘෂ්ටියක් ලබා දෙන්නාක් මෙන්ම දිනපතා අත්හදා බැලීම් කුළින් බොහෝ විට මට අධ්‍යාත්මිකව දුර බැලීමට අපහසු වීම ගැන මම සිතුවෙමි. මගේ වේදනාවන් හා වෙනස්වන තත්ත්වයන් හේතුවෙන් මට සමීපව දැකිය හැකි දේ කෙරෙහි පමණක් අවධානය යොමු කිරීම නිසා මගේ සදාකාලික සහ වෙනස් නොවන දෙවියන්වහන්සේගේ විශ්වාසවන්තකම ගැන මම අන්ධ වූයෙමි. එවැනි සීමිත ඉදිරි දර්ශනයකින් බලාපොරොත්තුව අත්පත් කර ගත නොහැකි බොඳ වීමක් බවට පත් වුණි.

පළමුවන සාමුවෙල් 1 වන පරිච්ඡේදයේ තම වර්තමාන වේදනාව, අවිනිශ්චිතභාවය සහ අලාභය කෙරෙහි අවධානය යොමු කරමින් දෙවියන්වහන්සේගේ විශ්වාසවන්තභාවය හඳුනා ගැනීිමට අපොහොසත් වූ තවත් කාන්තාවකගේ කථාවක් කියයි. වසර ගණනාවක් තිස්සේ ඇගේ ස්වාමිපුරුෂයා වූ එල්කානාගේ අනෙක් බිරිඳ වන පෙනින්නාගෙන් දරුවන් නොමැති කම නිසා නිමක් නැති වධ හිංසාවන් හන්නා දරා ගෙන සිටියාය. ඇගේ ස්වාමිපුරුෂයා ඇයට බොහෝ සෙයින් ඇලුම් කළ නමුත් සෑහීමකට පත්වීම ඇයව මග හැරියාය. දිනක් ඇය වේදනාවෙන් අවංකව යාච්ඤා කළාය. පූජක ඒලී ඇයගෙන් ප්‍රශ්න කළ විට ඇය ඇගේ තත්ත්වය පැහැදිළි කළාය. ඇය පිටත්ව යන විට දෙවියන්වහන්සේ ඇගේ ඉල්ලීම ලබා දෙන ලෙසට පූජකතුමා යාච්ඤා කළේය (1 සාමුවෙල් 1:17). හන්නාගේ තත්ත්වය ක්‍ෂණිකව වෙනස් නොවුනත් ඇය විශ්වාසයෙන් යුතුව පිටත්ව ගියාය (18 පදය).

1 සාමුවෙල් 2:1-2 හි ඇය කළ යාච්ඤාවෙන් හන්නාගේ අවධානය වෙනස් වී ඇති බව පෙනේ. ඇගේ තත්ත්වය යහපත් අතට හැරීමටත් පෙර හන්නාගේ නව දැක්ම ඇගේ ඉදිරි දර්ශනය සහ ඇගේ ආකල්පය වෙනස් කළේය. ඇගේ පර්වතය සහ සදකාලික බලාපොරොත්තුව වන දෙවියන්වහන්සේගේ නිරන්තර අභිමුඛය ගැන ඇය ප්‍රීති වූවාය.