ඕස්ටේ්‍රලියාවේ නියඟය, උණුසුම සහ ගින්න පිළිබඳ “දරුණු කථාවක්” වාර්තාවක් ගෙන හැර දැක්වීය. අවම වර්ෂාපතනයක් සමග කරවුණු බුරුසුවක් පවා පහසුවෙන් දහනය වන බිහිසුණු වසරක් ලෙසට එම වාර්තාව විස්තර කළේය. දැවෙන ගින්න ගම්බද ප්‍රදේශ ගිනි ඇවිලුවේය. මසුන් මිය ගියහ. බෝග අසාර්ථක විය. මේ සියල්ල සිදුවූයේ අප බොහෝ විට සරලව සිතන්නාවූ ජලය ඔවුන් සතුව නොතිබීම නිසාය.

ඉශ්‍රායලයද භයානක ප්‍රශ්න රාශියකට මුහුණ දුන්නේය. දුවිලි සහිත නිසරු කාන්තාරයේ ජනතාව කඳවුරු බැඳ ගෙන සිටිද්දී මෙම අනතුරුදායක වැකිය අපි කියවන්නෙමු : “සෙනඟට බොන්ට වතුර නොතිබුණේය” (නික්මයාම 17:1). ජනතාව බිය වූහ. ඔවුන්ගේ උගුරු වියළී ගියේය. වැලි විසිර ගියේය. ඔවුන්ගේ දරුවෝ පිපාසයෙන් පීඩා වින්දහ. භීතියට පත් ජනයා ජලය ඉල්ලා “මෝසෙස් සමග විවාද කළහ” (2 පදය). නමුත් මෝසෙස්ට කළ හැක්කේ කුමක්ද? ඔහුට යා හැකි වූයේ දෙවියන්වහන්සේ වෙතට පමණී.

දෙවියන්වහන්සේ මෝසෙස්ට අමුතු උපදෙස් දුන් සේක : “… සැරයටියත් අතින් ගෙන … නුඹ පර්වතයට ගසන්න. සෙනගට බොන්ට වතුර එයින් නික්මෙන්නේය” (5-6 පද). මෝසෙස් පර්වතයට පහර දුන් කල විශාල ගංගාවක් ඇතිවී මිනිසුන්ට සහ ඔවුන්ගේ ගවයන්ට ඕනෑ තරම් වතුර ලැබුණි. එදින ඔවුන්ගේ දෙවියන් වහන්සේ ඔවුන්ට ප්‍රේම කරන බව මුළු ඉශ්‍රායලයම දැන ගත්හ. ඔවුන්ගේ දෙවියන්වහන්සේ ඔවුන්ට බහුල ලෙස ජලය සැපයූ සේක.

ඔබ ජීවිතයේ නියඟයක හෝ කාන්තාරයක හෝ ස්වභාවයක් අත්විඳින්නේ නම් දෙවියන්වහන්සේ එය දන්නා බවත් උන්වහන්සේ ඔබ සමග සිටිනා බවත් දැන ගන්න. ඔබගේ අවශ්‍යතාවය කුමක් වූවත් ඔබගේ හිඟකම් කුමක් වූවත් උන්වහන්සේගේ බහුලවූ ජලයෙන් බලාපොරොත්තුව හා ප්‍රබෝධය ඔබට ලැබේවා.