මගේ වයසට ගිය බල්ලා මා අසළ බිම හිඳගෙන අහස දෙස බලා සිටී. බල්ලාගේ සිතුවිලිවලට මෙන්න කාසියක්. බල්ලන්ට “තේරෙන්නේ නැති නිසා” ඔවුන් මරණය ගැන සිතන්නේ නැති බව මම දනිමි. ඔවුන් අනාගත දේවල් ගැනද සිතන්නේ නැත. නමුත් අපි සිතන්නෙමු. අපේ වයස හෝ සෞඛ්‍යය හෝ ධනය හෝ කුමක් වුවත් අපි යම් අවස්ථාවන්වලදී මිය යෑම ගැන සිතන්නෙමු. ඒ අපි තිරිසනුන් මෙන් නොව ගීතාවලිය 49:20 ට අනුව අපට “නුවණ ඇති” හෙයිනි. අපි මැරෙන බව අපි දනිමු. ඒ ගැන අපට කිරීමට කිසිවක් නැත. “තමාගේ සහෝදරයා ජීවත්වන පිණිස දෙවියන්වහන්සේට මිදීමේ මිළයක් දෙන්ටත් කිසිවෙක් සමත් නොවේ” (7 පදය). තමාගේ මරණයෙන් ගැළවීම මිළයට ගැනීමට තරම් මුදලක් කිසිවෙකුටවත් නැත.

නමුත් මරණයේ අවසාන තත්ත්වයෙන් ගැළවීමට ක්‍රමයක් තිබේ. “දෙවියන්වහන්සේ මාව මළවුන්ගේ රාජ්‍යයෙන් මුදවා ගනු ඇත” කියා ගීතිකාකරු අවධාරණය කරයි. “උන්වහන්සේ ඒකාන්තයෙන්ම මාව පිළිගන්නා සේක” (15 පදය. වෙනත් වචනවලින් කියනවා නම් “උන්වහන්සේ මාව ඇතුළට ගන්නා සේක”). රොබර්ට් ෆ්‍රොස්ට් පැවසුවේ “නිවස යනු ඔබට එහි යාමට සිදුවූ විට ඔවුන් ඔබව ඇතුළට ගත යුතු” ස්ථානය බවටයි. “සියල්ලන් උදෙසා මිදීමේ මිළයක් කොට තමන්ව දුන්නාවූ” (1 තිමෝති 2:6) තමන්වහන්සේගේ පුත්‍රයාණන් කරණකොට ගෙන දෙවියන්වහන්සේ අපව මරණයෙන් මුදා ගත් සේක. මේ අනුව අපගේ කාලය පැමිණී විට උන්වහන්සේ අපව පිළිගෙන අපව ඇතුළට ගෙන යන බවට යේසුස්වහන්සේ පොරොන්දු වූ සේක (යොහන් 14:3).

මාගේ කාලය පැමිණී විට මාගේ ජීවිතයේ මිළය දෙවියන්වහන්සේට දුන් යේසුස්වහන්සේ විවෘත දෑතින් මාව පියාණන්වහන්සේගේ මන්දීරයට පිළිගන්නා සේක.