මට මගේ ඇස් වසා ගෙන මම හැදී වැඩුණු නිවසට ආපසු යා හැකිය. මගේ පියා සමග තරු බලා සිටීම මට සිහිපත් වේ. අප දෙදෙනා පියාගේ දුරේක්‍ෂය හරහා බැබළෙන සහ නිවී නිවී පත්තුවන තිත් කෙරෙහි අවධානය යොමු කිරීමට උත්සාහ කළෙමු. තාපයෙන් සහ ගින්නෙන් උපත ලද මෙම ආලෝකයන් සිනිඳු කළු තීන්ත ගෑ අහසට වඩා හාත්පසින්ම වෙනස් බව අපට පෙණුනි.

ඔබව දිදුලන තාරකාවක් ලෙසට ඔබ සළකන්නේද? මම කථා කරන්නේ මිනිස් ජයග්‍රහණයේ උච්චතම ස්ථානයකට පැමිණීම ගැන නොවේ; බිඳීයාමේ සහ නපුරේ අඳුරු පසුබිමකට එරෙහිව නැගී සිටීම ගැනය. අපෝස්තලු පාවුල් තුමා පිලිප්පි ඇදහිලිවතුන්ට පැවසුවේ ඔවුන් “ජීවනයේ වචනය පාමින්” සිටින විටත් මැසිවිලි නැගීමෙන් සහ වාද කිරීමෙන් වැළකී සිටින විටත් දෙවියන්වහන්සේ ඔවුන් තුළින් සහ ඔවුන් මගින් බැබළෙන බවත්ය (පිලිප්පි 2:14-16).

වෙනත් ඇදහිලිවන්තයන් සමග අපගේ එකමුතුකම සහ දෙවියන්වහන්සේ කෙරෙහි අපගේ විශ්වාසවන්තකම අපව ලෝකයෙන් වෙන් කර තබනවා ඇත. ගැටළුව වන්නේ මේ දේවල් ස්වාභාවිකව නොපැමිණීමයි. දෙවියන් වහන්සේ සමග කිට්ටු සම්බන්ධතාවයක් පවත්වා ගැනීමට හැකි වන පරිදි පරීක්‍ෂාවන් ජය ගැනීමට අපි නිරන්තරයෙන්ම උත්සාහ කරන්නෙමු. අපගේ අධ්‍යාත්මික සහෝදර සහෝදරියන් සමග සමගිය ඇති කර ගැනීම සඳහා අපි ආත්මාර්ථකාමිත්වයට එරෙහිව සටන් කරන්නෙමු.

නමුත් නිශ්චලව සිටින්න. තවමත් බලාපොරොත්තුවක් තිබේ. සැම ඇදහිලිවන්තයෙක් තුළම ජීවමානව සිටින දෙවියන්වහන්සේගේ ආත්මය අපට හික්මවීමත් කරුණාවන්තව සිටීමටත් විශ්වාසවන්තව සිටීමටත් බලය දෙන සේක (ගලාති 5:22-23). අපගේ ස්වාභාවික හැකියාවෙන් ඔබ්බට ජීවත්වීමට අපව කැඳවනු ලැබුවාක් මෙන්ම දෙවියන්වහන්සේගේ අධිස්වාභාවික බලයෙන් අපට එය කළ හැකි වන්නේය (පිලිප්පි 2:13). සෑම ඇදහිලිවන්තයෙක්ම ශුද්ධාත්මයාණන් වහන්සේගේ බලයෙන් “දිදුලන තාරකාවක්” බවට පත් වූයේ නම් දෙවියන්වහන්සේගේ ආලෝකය අප අවට අන්ධකාරය දුරු කරන්නේ කෙසේදැයි සිතා බලන්න!