ඉංග්‍රීසි කවියෙක් වන ෆ්‍රැන්සිස් තොම්සන් විසින් රචිත “ද සවුන්ඩ් ඔෆ් හෙවන්” නම් කාව්‍යය විවෘත වන්නේ
“මම රෑ දාවල් උන්වහන්සේගෙන් පලා ගියෙමි” කියාය. යේසුස්වහන්සේගෙන් සැඟවීමට හෝ පලා යාමට හෝ ඔහු කෙතරම් උත්සාහ කළත් යේසුස්වහන්සේගේ ලුහු බැඳීම නොනවතින බව තොම්සන් විස්තර කරන්නේය. “උන්වහන්සේ සොයන තැනැත්තා මම වෙමි” කියා කවියා එය අවසන් කරන්නේය.

යෝනාගේ පොතේ ප්‍රධාන තේමාව වන්නේ දෙවියන්වහන්සේගේ ලුහුබඳින ප්‍රේමයයි. නිනීවයේ වැසියන්ට (ඉශ්‍රායලයේ කුප්‍රකට සතුරන්) දෙවියන්වහන්සේ වෙත හැරීමේ අවශ්‍යතාවය ගැන අනාගතවක්තෘ වරයාට පැවරුමක් ලැබුණි. නමුත් ඒ වෙනුවට “යෝනා ස්වාමින්වහන්සේ වෙතින් පලා ගියේය” (යෝනා 1:3). නිනීවයෙන් ප්‍රතිවිරුද්ධ දිසාවට යාත්‍රා කරන නැවක ඔහු ආරක්‍ෂාව සෙව්වත් තද කුණාටුවක් නැව අභිබවා ගියේය. නැවේ කාර්ය මණ්ඩලය බේරාගැනීම පිණිස යෝනාව නැවෙන් ඉවතට විසි කරන ලද නමුත් පසුව විශාල මත්ස්‍යයෙක් ඔහුව ගිල දමන ලදී (1:15-17).

දෙවියන්වහන්සේගෙන් පලා යන්නට කොතරම් උත්සාහ කළත් දෙවියන්වහන්සේ ඔහුව ලුහුබැඳ පැමිණි බව යෝනා තමාගේම ලස්සන කාව්‍යයක සඳහන් කළේය. යෝනාට තම තත්ත්වයෙන් මිදී ගැළවීම ලැබීමට අවශ්‍ය වූ විට ඔහු යාච්ඤාවෙන් දෙවියන්වහන්සේට මොර ගසා උන්වහන්සේගේ ප්‍රේමය දෙසට හැරුණේය (2:2, 8). දෙවියන්වහන්සේ පිළිතුරු දී යෝනාට පමණක් නොව ඔහුගේ අසිරියානු සතුරන්ටද ගැළවීම ලබා දුන් සේක (3:10).

කාව්‍යයන් දෙකෙහිම විස්තර කර ඇති පරිදි නොයෙකුත් කාලයත් තුළදී අපගේ ජීවිතවල දෙවියන් වහන්සේගෙන් පළා යාමට උත්සාහ කරන අවස්ථාවන් තිබිය හැකිය. එසේ වුවද යේසුස්වහන්සේ අපට ප්‍රේම කරමින් උන්වහන්සේ සමග සම්බන්ධතාවය නැවත ගොඩ නැගීමට අපට මග පෙන්වන සේක (1 යොහන් 1:9).