ඇය සෑම දිනකම උදෑසන පිළිගන්නවා මම දැක ඇත්තෙමි. ඇය අපේ ප්‍රදේශයේ “බල ඇවිදින්නියයි”. මම මගේ දරුවන්ව පාසැලට ගෙන යන විට ඇය පාරේ ආරම්භයේ සිටිනවා දකිමි. විශාල ප්‍රමාණයේ හෙඩ් ෆෝන් යුගළයක් සහ දණහිස දක්වා වන වර්ණවත් මේස්වලින් සන්නද්ධව ඇය දෑත් හා පාදවල විකල්ප චලනයක් සමග ගමන් කරන්නීය. සෑම විටම එක අඩියක් බිම හා ස්පර්ශ වන්නේය. මෙම ක්‍රීඩාව දිවීමේ ව්‍යායාමයට වෙනස් වේ. “බල ඇවිදීම” යනු චේතාන්විත සංයමයකින් යුක්ත වන අතර එය ශරීරයේ ස්වාභාවික නැඹුරුව පවත්වා ගෙන යාමයි. එය පෙනෙන්ට නොතිබුණද එහි දිවීමට යන ශක්තියත් අවධානයත් සහ බලයත් ඇත. නමුත් එය පාලනයෙන් යුක්තය.

පාලනයෙන් යුක්ත වීම – එයයි වැදගත් දේ. බල ඇවිදීම මෙන් බයිබලීය නිහතමානීකම බොහෝ විට සැළකෙන්නේ දුර්වලකමක් ලෙසටයි. නමුත් සත්‍යය එය නොවේ. නිහතමානීකම අපගේ ශක්තීන් හෝ හැකියාවන් හීන කිරීමක් කරනවා වෙනුවට උදෑසන බල ඇවිදින්නන්ගේ අත් සහ පාද මනසින් පාලනය වන්නාක් මෙන් ඒවා රඳවා තබා ගැනීමට ඉඩ සළස්වන්නේය.

මීකාගේ වචන “යටහත් ලෙස හැසිරීම” යනුවෙන් අදහස් කරන්නේ දෙවියන්වහන්සේට වඩා ඉදිරියෙන් යාමට අපගේ නැඹුරුව පාලනය කර ගත යුතු කැඳවීමක් ලෙසිනි. ඔහු පවසන්නේ “ධර්මිෂ්ඨකම් කිරීමත් කරුණාවට ප්‍රේමවීමත්” (6:8) මගින් යමක් කිරීමට ආශාවක් ඇති කරන අතර එය ඉක්මණට කිරීමත්ය. අපගේ ලෝකයේ එදිනෙදා කෙරෙන අසාධාරණයන් අති මහත් බැවින් මෙසේ ක්‍රියා කිරීම සාධාරණ බව පෙනේ. නමුත් අපව පාලනය කර සහ මෙහෙය විම දෙවියන්වහන්සේ විසින් කළ යුතු කාර්්‍යයකි. අපගේ ඉලක්කය විය යුත්තේ පොළොවෙහි උන්වහන්සේගේ රාජ්‍යය උදාවීමේ උන්වහන්සේගේ කැමැත්ත හා අරමුණ ඉෂ්ට වීම දැකීමයි.