පැපුවා නිව්ගිනියාවේ කන්දස් ගෝත්‍රිකයන් ඔවුන්ගේ භාෂාවෙන් මුද්‍රණය කරන ලද අළුත් ගිවිසුමේ බයිබල් ලැබෙන තුරු මහත් උනන්දුවෙන් බලා සිටියහ. කෙසේ වෙතත්, ගමට ළඟා වීමට නම් පොත් රැගෙන එන අයට කුඩා බෝට්ටුවලින් සාගරයේ ගමන් කිරීමට සිදු වූහ.

මහා ජලය හරහා ගමන් කිරීමට ඔවුන්ට ධෛර්්‍යය ලබා දුන්නේ කුමක්ද? ඔවුන්ගේ මුහුදු ගමන් කුසලතාවයද? එසේය. නමුත් මුහුද නිර්මාණය කළේ කවුද කියාද ඔවුන් දැන සිටියහ. අපේ ජීවිතයේ රැළි සහ ගැඹුරු ජලය හරහා ගමන් කිරීමට අප සෑම කෙනෙකුටම මග පෙන්වන්නේ උන්වහන්සේය.

දාවිත් ලීවාක් මෙන් “ඔබ ඉදිරියෙන් කොතැනට පලා යන්නෙම්ද?” (ගීතාවලිය 139:7). “මම ස්වර්ගයට නැගුණෙම් නමුත් ඔබ එහිය…. මුහුදේ ඉතා දුරු කෙළවර විසුවත් එහිදීත් ඔබගේ හස්තය මට මග පෙන්වන්නේය. ඔබගේ දකුණු හස්තය මා අල්ලන්නේය” (8-10 පද).

නිවර්තන වෙරළ තීරයන්, වැසි වනාන්තර සහ රළු කඳු සේම “අන්තිමය නොදන්නා” ලෙසට නම් කර ඇති දූපත්වල වෙසෙන කන්දස්වරුන් සමග මෙම වචන ගැඹුරින් නින්නාද වනු ඇත. එහෙත් එහි සිටින සහ සෑම තැනකම සිටින ඇදහිලිවන්තයන් දන්නා පරිදි කිසිම ස්ථානයක් හෝ ගැටලුවක් හෝ දෙවියන්වහන්සේට දුරස්ථ නොවේ. ගීතාවලිය 139:12 හි දැක්වෙන පරිදි “අන්ධකාරය ඔබගෙන් කිසිවක් නොසඟවයි. රාත්‍රියද දවාල මෙන් බබළයි. අන්ධකාරයත් එළියත් ඔබට එක සමානය”.

එසේ හෙයින් කුණාටු සහිත ජලයට කථා කරමින් අපගේ දෙවියන්වහන්සේ “නිශ්ශබ්ද වෙව. නිශ්චල වෙව” කියා කියන සේක (මාර්ක් 4:39). අද දිනයේ ජීවිතයේ ගැඹුරු හෝ කැළඹිලි සහිත ජලයට බිය නොවන්න. අපගේ දෙවියන්වහන්සේ අපව ආරක්‍ෂිතව වෙරළට ගෙන යන සේක.