ලෝකයේ ගැඹුරුම විල වන බයිකල් විල අති විශාලය. පුදුමාකාරය. මෙය සැතපුමක් ගැඹුරු වන අතර එහි දිග සැතපුම් 400 ක් (කි.මී.636) සහ පළල සැතපුම් 49 ක් (කි.මී.79) වේ. මෙහි ලෝකය මතුපිට ඇති නැවුම් ජලයෙන් පහෙන් එකක් අඩංගු වේ. නමුත් මෙම ජලය ලබා ගන්නා පිණිස එතැනට යා නොහැකිය. බයිකල් විල පිහිටා ඇත්තේ සයිබීරියාවේය. එනම් රුසියාවේ ඉතා දුෂ්කර ප්‍රදේශවලින් එකකය. අපේ පෘථ’වියේ වැඩි කොටසකට ජලය අතීශයින්ම අවශ්‍ය වන හෙයින් බොහෝ දෙනෙක්ට ළඟා විය නොහැකි ස්ථානයක මෙතරම් විශාල ජල සැපයුමක් තිබීම පුදුමයට කරුණකි.

බයිකල් විල දුරස්ථ විය හැකි නමුත් අවශ්‍ය අයට ලබා ගත හැකි නිමක් නැති ජීවන දායක ජලයක් තිබේ. සමාරියේ ළිඳක් අසළදී යේසුස්වහන්සේ ස්ත්‍රියක් හා සංවාදයේ යෙදෙමින් ඇගේ ආත්මික පිපාසයේ ගැඹුරු තැන් සෙවීය. ඇගේ හදවතේ අවශ්‍යතාවයට එකම විසඳුම වූයේ යේසුස්වහන්සේමය.

ඇය ළිඳෙන් ඇද ගැනීමට බලාපොරොත්තු වූ ජලයට වඩා හාත්පසින්ම වෙනස් දෙයක් යේසුස්වහන්සේ ඉදිරිපත් කළ සේක. “මේ වතුර බොන හැම දෙනාට නැවත පිපාසා වන්නේය. නමුත් මා දෙන වතුරෙන් බොන කවරෙකුට නමුත් කිසි කලෙක පිපාසා නොවන්නේය. මා ඔහුට දෙන වතුර ඔහු තුළෙහි සදාකාල ජීවනය නික්මවන්නාවූ වතුර උල්පතක් වන්නේය” (යොහන් 4:13-14).

බොහෝ දේ තෘප්තියක් පොරොන්දු වන නමුත් කිසි විටෙකත් අපගේ පිපාසිත හදවත් සමනය නොකරයි. අපගේ අධ්‍යාත්මික පිපාසය සැබවින්ම තෘප්තිමත් කළ හැක්කේ යේසුස්වහන්සේටම පමණී. එසේම උන්වහන්සේගේ සැපයුම සෑම කෙනෙකුටම සෑම තැනකම තිබේ.