යූරී ගගාරින් අභ්‍යාවකාශයේ ගමන් කළ පළමු මිනිසා වූ අතර ඔහු රුසියානු ගම්බද ප්‍රදේශයකට පැරෂූටයකින් ගොඩ බැස්සේය. හිස් වැස්මක් පැළඳගෙන පැරෂූට් දෙකක් ඇදගෙන තැඹිලි වර්ණයෙන් යුත් වස්ත්‍රයක් ඇඳගත් ගගනගාමියාව එක් ගොවි කාන්තාවක් දුටුවාය. “ඔබ අභ්‍යාවකාශයේ සිට පැමිණියා විය හැකිද?” ඇය පුදුමයෙන් ඇසුවාය. “ඇත්තෙන්ම ඔව්” යයි ඔහු පැවසීය.

සෝවියට් නායකයින් මෙම ඓතිහාසික ගමන ප්‍රතිවිරෝධි ආගමික ප්‍රචාරයක් බවට පත් කිරීම කණගාටුවට කරුණකි. “ගගාරින් අභ්‍යාවකාශයට ගිය නමුත් ඔහු එහි කිසිම දෙවි කෙනෙකු දැක නැත” යයි ඔවුන්ගේ අගමැති ප්‍රකාශ කළේය. (ගගාරින් කිසි විටෙකත් එවැනි දෙයක් කියා තිබුණේ නැත). සී. එස්. ලුවිස් නිරීක්‍ෂණය කළ පරිදි “මිහිපිට දෙවියන්වහන්සේව සොයා නොගන්නා අයට උන්වහන්සේව අභාවකාශයේද සොයා ගැනීමට අපහසු වනු ඇත”.

මේ ජීවිතයේ දෙවියන්වහන්සේව නොසළකා හැරීම ගැන යේසුස්වහන්සේ අපට අනතුරු ඇඟෙව් සේක. උන්වහන්සේ මිය ගිය මිනිසුන් දෙදෙනෙකුගේ කථාවක් කී සේක. දෙවියන්වහන්සේට කාලය නොමැති වූ ධනවත් මිනිසෙකු සහ ඇදහිල්ලෙන් පොහොසත් අසරණ මිනිසෙක් වූ ලාසරුස් ගැන කථාවකි (ලුක් 16:19-31). වධ හිංසා විඳිද්දී ධනවතා තවමත් ජීවත්වන තම සහෝදරයන් වෙනුවෙන් ආබ්‍රහම්ගෙන් මෙසේ ඇයැද සිටියේය. “ලාසරුස්ව යවන්න” කියා ඔහු ආබ්‍රහම්ගෙන් අයැද සිටියේය. “මළවුන්ගෙන් යමෙකු ඔවුන් වෙතට ගියහොත් ඔවුන් පසුතැවිලි වනු ඇත” කියා ධනවතා කීවේය (27, 30 පද). ආබ්‍රහම් ගැටලුවට පිළිතුරු දෙමින් “මෝසෙස්ගෙත් අනාගතවක්තෘ වරුන්ගෙත් වචන ඔව්හු නොඅසත් නම් යමෙක් මළවුන්ගෙන් නැගුටුණත් ඔවුන් විශ්වාස කරන්නේ නැත” (31 පදය) කියා කීවේය.

“යමක් දැකීම පමණකින් විශ්වාස නොකරයි” කියා ඔස්වල්ඩ් චේම්බර්ස් ලිවීය. “අප දකින දේ අර්ථ නිරූපණය වන්නේ අපේ විශ්වාසය අනුවයි”.