වයස අවුරුදු දහ අටකට ආසන්න තරුණයෙකු වන කාඩන්, අධ්‍යයන ශිෂ්‍යත්වයක් මත විශ්ව විද්‍යාලයට ඇතුළත් වීමට බලාපොරොත්තුවෙන් සිටියේය. ඔහු පාසැලේදී උසස් පෙළ පංතියේ ක්‍රිස්තියානි සේවයක් සමග සම්බන්ධව සිටි අතර නව පරිසරය තුළද එවැනිම සේවයක් සමග එකතු වීමට බලාපොරොත්තු විය. ඔහු තම අර්ධ කාලීන රැකියාවෙන් මුදල් ඉතිරි කර ගෙන තිබූ අතර නව රැකියාවක් සඳහා විශිෂ්ඨ නායකත්වයක් ලබා තිබුණි. ඔහු ඉතා ඉහළ ඉලක්ක කිහිපයක් පිහිටුවා තිබූ අතර සෑම දෙයක්ම නියමිත සැළසුමට අනුව සිදුවෙමින් තිබුණි.

නමුත් 2020 වසන්තයේදී ගෝලීය සෞඛ්‍ය අර්බූදයක් සියල්ල වෙනස් කළේය.

ඔහුගේ පළමු අධ්‍යයන වාරය අන්තර්ජාලය හරහා විය හැකි බව පාසැල කාඩන්ට දන්වා සිටියේය. විශ්ව විද්‍යාලයේ තිබූ සේවයට විරාමයක් තැබුණි. ව්‍යාපාරය වසා දැමුණු නිසා රැකියා අපේක්‍ෂාව නැති විය. ඔහුගේ බලාපොරොත්තු සුන් වූ විට ඔහුගේ මිතුරා සුප්‍රසිද්ධ බොක්සිං ක්‍රීඩකයෙක්ගේ වචන සිතා නොබලා උපුටා දැක්වීය. “ඔව්. කටට පහරක් ලැබෙන තුරු සෑම කෙනෙක්ටම සැළසුමක් තිබේ”.

හිතෝපදේශ 16 අපට පවසන්නේ අප කරන සෑම දෙයක්ම දෙවිය්වහන්සේට භාර දෙන විට උන්වහන්සේ අපගේ සැළසුම් ස්ථ’රකර උන්වහන්සේගේ කැමැත්තට අනුව කටයුතු කරන බවයි (3-4 පද). සබෑ කැපවීම අමාරු විය හැකිය. එයට දෙවියන්වහන්සේගේ මග පෙන්වීම සඳහා විවෘත හදවතක් සහ අපගේ ගමන ස්වාධීනව යෑම ප්‍රතික්‍ෂේප කරන හදවතක් ඇතුළත් විය යුතුය (19-21 පද).

ඵල නොදරන සිහිනවලට බලාපොරෙත්තු සුන් කළ හැකි නමුත් අනාගතය පිළිබඳ අපගේ සීමිත දැක්මට කිසි විටෙකත් දෙවියන්වහන්සේගේ සියල්ල දන්නා ක්‍රම සමග තරඟ කළ නොහැකිය. අප උන්වහන්සේට යටත් වන විට අපට ඉදිරි මාවත නොපෙනෙන විට පවා උන්වහන්සේ තවමත් ප්‍රේමයෙන් අපගේ පියවර මෙහෙයවන බව අපට සහතික විය හැකිය.