රථ සේදීමේ අංගනයෙන් මට ඉස්සරහින් සිටි තැනැත්තා මෙහෙයුමක සිටියේය. අධි බලැති කැරකැවෙන බුරුසු වලට පැටලී අලාභයක් නොකරන පිණිස ඔහු හිතාමතාම ඔහුගේ පිකප් රථයේ පිටුපස තිබු ගැටයක් ඉවත් කළේය. ඔහු සේවකයාට මුදල ගෙවා තම රථය ස්වයංක්‍රීය ධාවන පථයට පදවා ගෙන ගියේය. සේවකයා ඔහු පසුපස දිව යමින් “නියුට්‍රල්, නියුට්‍රල්” කියා කෑ ගැසුවේය. නමුත් ඒ මනුෂ්‍යයාගේ රථයේ කවුළු වසා දමා තිබුණු හෙයින් සේවකයාගේ කට හඬ ඔහුට නොඇසුණි. ඔහු රථ සේදුම් අංගනය හරහා තත්පර හතරකින් පිට විය. ඔහු රථය ඉතා වේගයෙන් පදවා ගෙන ගිය නිසා රථය යාන්තමින් හෝ තෙමී නොතිබුණි.

එලියාද මෙහෙයුමක සිටියේය. ඔහු විශාල වශයෙන් දෙවියන්වහන්සේට සේවය කිරීම නිසා කාර්ය බහුලව සිටියේය. පුදුමාකාර ගැටුමකින් ඔහු බාල්ගේ අනාගතවක්තෘවරුන් පරාජය කර වෙහෙසට පත්ව සිටියේය (1 රාජාවලිය 18:16-39). ඔහුට විවේක කාලයක් අවශ්‍ය විය. මෝසෙස්ට බොහෝ කාලයකට පෙර දර්ශනය වූ හොරෙබ් කන්දට දෙවියන්වහන්සේ එලියා ගෙන ගිය සේක. දෙවියන්වහන්සේ යළිත් කන්ද සෙළෙව් සේක. නමුත් දෙවියන්වහන්සේ කන්ද සෙළවූ සුළඟෙවත්, භූමි කම්පාවේ හෝ ගින්නේවත් නොසිටී සේක. ඒ වෙනුවට දෙවියන්වහන්සේ එලියා වෙත පැමිණියේ මෘදු හඬකිනි. “එලියා ඒ අසා තමාගේ මුහුණ සළුවෙන් වසා ගෙන පිටත්ව ගියේය” (1 රාජාවලිය 19:13).

ඔබත් මමත් මෙහෙයුමක යෙදී සිටින්නෙමු. අපගේ ගැළවුම්කරුවාණන් වෙනුවෙන් විශාල දේවල් කිරීමට අපගේ ජීවිත යොදවා ඇත්තෙමු. නමුත් අපි මධ්‍යස්ථභාවයට යොමු නොවන්නේ නම් අපට ජීවිතයේ ශුද්ධාත්ම වැගිරීම මග හැරී යනවා ඇත. “නිශ්චල වන්න. මම දෙවියන්වහන්සේ බව දැන ගන්න” (ගීතාවලිය 46:10) කියා දෙවියන්වහන්සේ මුමුණන සේක. “මධ්‍යස්ථ වන්න! මධ්‍යස්ථ වන්න!