දේවගැති තුමන්ලා හතර දෙනා “වීරයන්” ලෙස හැඳින්වූයේ නැත. නමුත් 1943 පෙබරවාරි මාසයේ ඉතා සීතල රාත්‍රියකදී ඔවුන්ගේ ප්‍රවාහන නෞකාව වන ‘එස්එස් ඩෝර්වෙස්ටර්’ දෙවන ලෝක සංග්‍රාමයේදී ග්‍රීන්ලන්ත වෙරළට ඔබ්බෙන් ටෝර්පිඩෝ මිසයිල ප්‍රහාරයකට ලක් වූයේය. මෙම දේවගැතිවරුන් සිව්දෙනා භීතියට පත්ව සිටි සිය ගණනක් සොල්දාදුවන් සන්සුන් කිරීමට තමන්ගේ මුළු ශක්තිය යෙදවූහ. නැව ගිලී යාමෙන් සහ තුවාල ලැබූ ජනතාව සෙනග පිරී තිබූ ජීවිතාරක්‍ෂක බෝට්ටුවලට පැනීමෙන් ඇති වූ කලබලය සන්සුන් කිරීමට දේවගැතිවරු සතර දෙනාම “ධෛර්්‍යය ගැන දේශනා” කළ බවට දිවි ගළවා ගත් අයෙක් පැවසීය.

ජීවිතාරක්‍ෂක කබා අවසන් වූ විට ඔවුන් එකිනෙකා තමන් ඇඳගෙන සිටි ජීවිතාරක්‍ෂක කබා ගළවා බියට පත් තරුණයෙක්ට ලබා දුන්නේය. අනෙක් අය ජීවත් වන පිණිස නැව සමග ගිලී යාමට ඔවුහු තීරණය කර තිබුණි. දිවි ගළවා ගත් එක් අයෙක් පැවසුවේ “එය හොඳම සහ දකින්න බලාපොරොත්තු වූ දෙය වන්නේ ස්වර්ගයේ මෙම පැත්තයි” යනුවෙනි.

නැව ගිලෙන්නට පටන්ගත් විට මෙම දේවගැතිවරුන් තම තමන්ගේ අත් එකට බැඳගෙන ශබ්ද නගා එකතුව යාච්ඤා කරමින් ඔවුන් සමග මිය යන අයව දිරි ගැන්වූහ.

නිර්භීතකම ඔවුන්ගේ කථාව සළකුණු කරයි. කෙසේ වෙතත් ඔවුන් සතර දෙනා පිළිගැන්වූ ත්‍යාගය ප්‍රේමය පිළිඹිබු කරයි. කොරින්තියේ බිඳ වැටෙමින් තිබු සභාව ඇතුලුව සෑම ඇදහිලිවන්තයෙක්ගෙන්ම පාවුල් ඇයැද සිටින්නේ එවැනි ප්‍රේමයකි. ගැටුම්, දුෂණය සහ පාපයෙන් පීඩා විඳිමින් සිටි සභාවෙන් පාවුල් ඇයද සිටියේ
“අවදිව සිටින්න. ඇදහිල්ලේ ස්ථ’රව සිටින්න. පුරුෂයන් මෙන් සිටින්න. ශක්තිමත් වෙන්න” (1 කොරින්ති 16:13) කියාය. ඉන්පසු “සියල්ලම ප්‍රේමයෙන් කරනු ලැබේවා” කියා එයට එකතු කරන ලදී (14 පදය).

එය යේසුස්වහන්සේ තුළ ඇදහිලිවතුන්ට විශේෂයෙන් අර්බූදයකදී දෙන ලද දැඩි නියෝගයකි. ජීවිතයේ දැඩි තර්ජනවලට මුහුණ දෙන විට අපගේ නිර්භීත ප්‍රතිචාරය ක්‍රිස්තුස්වහන්සේ පිළිඹිබු කරයි. එනම් අන් අයට උන්වහන්සේගේ ප්‍රේමය ලබා දීමයි.