ප්‍රමාණවත් එළිය සහ ජලය ලැබුණු විට කැලිෆෝනියාවේ ඇන්ටෙලොප් නිම්නය සහ ෆිගියෙරෝ කන්ද විචිත්‍රවත් කැලෑ මල් වලින් පිරී යන්නේය. නමුත් නියඟය ඇති වූ විට කුමක් සිදු වේද? විද්‍යාඥයින් සොයා ගෙන ඇත්තේ ඇතැම් වල් පැළෑටි තම බීජ විශාල ප්‍රමාණයක් පොළොව යට ගබඩා කර ගන්නේ පස හරහා තල්ලු වී පිපෙන්න ඉඩ නොහරින ලෙසටයි. නියඟයෙන් පසු ශාක නැවත වැඩෙන්නේ පොළොව යට ඉතිරි කළ බීජ භාවිතා කිරීමෙනි.

පුරාණ ඉශ්‍රායෙල්වරු දරුණු තත්ත්වයන් මධ්‍යයේ වුවත් ඊජීප්තු දේශයේ සශ්‍රීක වූහ. වහල් ස්වාමිවරුන් ඔවුන්ට කෙත්වල වැඩ කිරීමට හා ගඩොල් සෑදීමට බල කළහ. අනුකම්පා විරහිත හේවායින් ඵාරාවෝ වෙනුවෙන් සම්පූර්ණ නගර ඉදිකරන්න ඔවුන්ට බල කළහ. ඊජීප්තු රජු ඔවුන්ගේ සංඛ්‍යාව අඩු කිරීමට ළදරු ඝාතණය කිරීමට පවා උත්සාහ කළේය. කෙසේ වෙතත් දෙවියන්වහන්සේ ඔවුන්ව පෝෂණය කළ නිසා
“ඔවුන්ට පීඩා කරන්ට කරන්ට ඔව්හු බෝවී වඩ වඩා පැතිර ගියෝය” (නික්මයාම 1:12). බොහෝ බයිබල් විශාරදයින් ගණන් බලා ඇති ආකාරයට ඊජීප්තුවේ සිටි කාලය තුළදී ඉශ්‍රායලයේ පුරුෂයන්, ස්ත්‍රීන් සහ දරුවන්ගේ ජනගහනය මිලියන දෙකක් (හෝ ඊට වැඩි) දක්වා වර්ධනය වී ඇත.

එකල තමන්වහන්සේගේ සෙනග ආරක්‍ෂා කළ දෙවියන්වහන්සේ අදත් අපව ආරක්‍ෂා කරන සේක. ඕනෑම පරිසරයකදී අපට උදව් කිරීමට උන්වහන්සේට හැකිය. තවත් කාලයක් විඳ දරා ගැනීම ගැන අපි කරදර වෙනවා විය හැකිය. නමුත් “අද තිබී හෙට උදුනෙහි දමනු ලබන්නාවූ කෙතේ තෘණ දෙවියන්වහන්සේ මෙසේ පළඳවන සේක් නම් ඊට වඩා කොපමණ වැඩියෙන් නුඹලා නොපළඳවන සේක්ද?” කියා (මතෙව් 6:30) බයිබලය අපට සහතික කරයි.