කඳු තරණය කිරීමේදී ඒඩි්‍රයන් තමා පහත වළාකුළු වලට වඩා ඉහළින් සිටින බව දැන ගත්තේය. සූර්්‍යයා පිටුපසිනි. ඒඩි්‍රයන් පහළ බැලු විට ඔහුගේ හෙවණැල්ල පමණක් නොව අවතාරයක් ලෙස හැඳින්වෙන දීප්තිමත් සංදර්ශනයක්ද දුටුවේය. මෙම සංසිද්ධිය දේදුන්නක රැස් වළල්ලකට සමාන වන අතර එය පුද්ගලයාගේ සෙවනැල්ල වට කර තිබුණේය. එය සිදුවන්නේ හිරු එළිය පහළ වළාකුළුවලින් පරාවර්තනය වන විටය. ඒඩි්‍රයන් එය පුදුමාකාර මොහොතක් ලෙස විස්තර කරන අතර එය තමාව ඉතාමත්ම ප්‍රීතියකට පත්කළ අවස්ථාවක් ලෙසද හඳුන්වයි.

පළමු දේදුන්න දැකීම නෝවාව කෙතරම් සතුටු කරන්න ඇත්දැයි අපට සිතා ගත හැකිය. එය ඔහුගේ ඇස්වලට ප්‍රියමනාප වූවා පමණක් නොව පරාවර්තනය වන ආලෝකය සහ එහි ප්‍රතිඵලයක් වූ වර්ණ පැමිණියේ දෙවියන්වහන්සේගේ පොරොන්දුවක්ද සමගිනි. විනාශකාරී ගංවතුරකින් පසු දෙවියන්වහන්සේ නෝවාට සහතික කළේ එතැන් පටන් ජීවත් වන සෑම “පණ ඇති සෑම සත්ත්වයෙක්ම” “වතුර කරණකොට ගෙන සියලු සත්ත්වයන් විනාශ නොවන පිණිස තවත් ජල ගැල්මක් නොවන්නේය” (උත්පත්ති 9:15) කියාය.

ඛේදජනක අලාභයන් අත්කර දෙන ගංවතුර සහ වෙනත් භයානක කාලගුණයන් අපේ පෘථ’විය තවමත් අත් විඳිමින් සිටියි. නමුත් දේදුන්න යනු දෙවියන්වහන්සේ කිසි විටෙකත් ලොව පුරා ගංවතුරකින් පෘථ’විය විනිශ්චය නොකරන බවට පොරොන්දුවකි. උන්වහන්සේගේ විශ්වාසවන්තකම පිළිබඳ මෙම පොරොන්දුව මතක් කර දෙන්නේ අපි පුද්ගලික අලාභ හා රෝග, ස්වභාවික ව්‍යසන, වැරදි කිරීම හෝ වයස්ගත වීම වැනි දේවල් වලින් මෙලොවදී කායික මරණය අත්වින්දත් අප මුහුණ දෙන දුෂ්කරතා පුරාවටම උන්වහන්සේගේ ප්‍රේමය සහ අභිමුඛයෙන් අපව වසා ගෙන සිටින බවයි. ජලය තුළින් සූර්්‍යයා පරාවර්තනය කරන වර්ණයන් උන්වහන්සේගේ ස්වරූපය දරණ අය සමග උන්වහන්සේගේ විශ්වාසවන්තකමෙන් ලොව පුරවන බවත් අන් අයට උන්වහන්සේගේ මහිමය පෙන්වන බවත් ප්‍රකාශ වන්නේය.