ශාරිකව ආබාධිත වූ ප්‍රවීණයෙක් වන ක්‍රිස්ටොෆර්ට එදිනෙදා කටයුතු වඩාත් අභියෝගාත්මක වූ බැවින් ඒවා අවසන් කිරීමට වැඩි කාලයක් ගත වූ අතර ඔහුගේ වේදනාවද වැඩි විය. කෙසේ වෙතත් ඔහු තම බිරිඳට හා දරුවාට සේවය කිරීමට උපරිම උත්සාහයක් ගත්තේය. සෑම සතියකම විශේෂ තණකොළ කපන යන්ත්‍රයකින් ඔහු තම ඉඩමේ තණකොළ කපනවා එතැනින් යන එන අය දකිති.

දිනක් ක්‍රිස්ටෝෆර්ට නිර්නාමික ලිපියක් ලැබුණි. පරිත්‍යාගශීලියෙකු විසින් මිළ අධික තණකොළ කපන යන්ත්‍රයක් ඔහුට ලබා දී තිබුණි. රහසිගතව දුන් තැනැත්තා තෘප්තියක් ලැබුවේ අවශ්‍යතා ඇති කෙනෙකුට උපකාර කිරීමේ වරප්‍රසාදයෙනි.

අපගේ සියලු දීමනා රහසි ගත විය යුතු යයි යේසුස්වහන්සේ නොකිවූ නමුත් අප දෙන විට අපගේ චේතනා පරීක්‍ෂා කර බැලීමට උන්වහන්සේ අපට මතක් කර දෙන සේක (මතෙව් 6:1). උන්වහන්සේ මෙසේ පැවසූ සේක : “නුඹ දන්දෙන කල්හි මනුෂ්‍යයන්ගෙන් ප්‍රශංසා ලබන පිණිස සිනගෝගවලදීත් වීථ’වලදීත් වංචා කාරයන් කරන්නාක් මෙන් නුඹට පෙරටුවෙන් හොරණෑවක් නොපිඹින්න” (2 පදය). අප විවෘත පරිත්‍යාග කරුවන් ලෙස දෙවියන්වහන්සේ අපේක්‍ෂා කරන හෙයින් සම්මාන හෝ විශේෂ පිළිගැනීමක් ලබාගැනීම සඳහා මිනිසුන් ඉදිරියෙහි යහපත් ක්‍රියා කිරීමෙන් වළකින ලෙසට උන්වහන්සේ අපව දිරිමත් කරන සේක (3 පදය).

අප සතුව ඇති සැම දෙයක්ම දෙවියන්වහන්සේගෙන් වන බව අපට වැටහෙන විට අපට රහසිගතව සපයන්නන් විය හැකිය. අපේම පිටට තට්ටු කර ගැනීමට හෝ අන් අයගේ ප්‍රසාදය දිනා ගැනීමට හෝ අවශ්‍ය නැත. සියලු යහපත් දෙය අපට ලබා දෙන තැනන්වහන්සේ උන්වහන්සේගේ සෙනඟගේ අව්‍යාජ ත්‍යාගශීලිකම ගැන සතුටු වන සේක. උන්වහන්සේගේ අනුමැතියේ විපාකය කිසිවකට පරාජය නොවේ.