විශිෂ්ඨ ඕස්ටේ‍රලියානු ශල්‍ය වෛද්‍යවරියක වන කැතරින් හැම්ලින් ගැන මම දැන ගත්තේ ඇගේ අවමංගල්‍යය දැන්වීම කියවීමෙන් පසුවය. ඉතියෝපියාවේදී කැතරින් සහ ඇගේ ස්වාමිපුරුෂයා විසින් සංවර්ධනය වෙමින් පවතින රටවල දරු ප්‍රසූතියේදී ඇති වන සුලභ තුවාලයක් වන ප්‍රසව සහ නාරිවේදය පිළිබඳ ව්‍යසනකාරී හා චිත්තවේග කම්පනයෙන් කාන්තාවන් සුව කිරීම සඳහා වූ එකම රෝහල ස්ථාපිත කරන ලදී. කාන්තාවන් 60,000 කට අධික පිරිසකට ප්‍රතිකාර කිරීම අධීක්‍ෂණය කිරීමේ ගෞරවය කැතරින්ට හිමි විය.

වයස අවුරුදු අනුූ දෙකේදී තවමත් රෝහලේ ශල්‍ය වෛද්‍යවරියක් ලෙස ඇය සේවය කරන අතර සෑම දිනකම තේ කෝප්යකින් හා බයිබල් අධ්‍යයනයකින් හැම්ලින් දවස ආරම්භ කරන්නීය. ඇගේ ජීවිතය ගැන ප්‍රශ්න කරන්නන්ට ඇය පැවසුවේ තමා යේසුස්වහන්සේ තුළ සාමාන්‍ය ඇදහිලිවන්තියක් බවත් දෙවියන් වහන්සේ ඇයට දී ඇති කාර්්‍යය කරමින් සිටින බවත්ය.

ඇගේ විශිෂ්ඨ ජීවිතය පිළිබඳව දැන ගැනීමට ලැබීම ගැන මම කෘතඥ වෙමි. දේව වචනය ඇදහිලිවන්තයන්ව දිරිගන්වන බවට ඇගේ ජීවිතයේ බලවත් ලෙස පෙන්නුම් කර තිබේ. ඒ කෙසේද කිවහොත් දෙවියන් වහන්සේව ප්‍රතික්‍ෂේප කරන මිනිසුන් පවා “නුඹලාගේ යහපත් ක්‍රියා දැක …. දෙවියන්වහන්සේට ගෞරව කරන පිණිසය” (1 පේත්‍රැස් 2:12).

අධ්‍යාත්මික අන්ධකාරයෙන් උන්වහන්සේ සමග සම්බන්ධතාවයක් කරා අපව කැඳවූ දෙවියන්වහන්සේගේ ආත්මයේ බලයට (9 පදය) අපගේ රාජකාරීන් හෝ සේවා ක්‍ෂේත්‍ර අපගේ ඇදහිල්ලේ සාක්‍ෂි බවට පරිවර්තනය කළ හැකිය. දෙවියන්වහන්සේ විසින් අපට ත්‍යාග කර ඇති කුමණ ආකාරයේ ආශාවකින් හෝ දක්‍ෂතාවයකින් හෝ උන්වහන්සේ වෙතට මිනිසුන්ව යොමු කිරීමේ බලය ඇති වන ආකාරයෙන් ඒ දේවල් කිරීමෙන් අපට අමතර අර්ථයක් හා අරමුණක් ලබා ගත හැකි වන්නේය.