අපගේ සති අන්ත නිවාඩු කාලය තුළ අපගේ ආපනශාලා සේවකයා ලෙස සේවය කළේ රොජලියෝය. දිනක් ඔහු සමග කථා කරද්දී දැඩි විශ්වාසයකින් යුත් දයානුකම්පිත භාර්්‍යයාවක් වන කාලී සමග විවාහ වීමට ලැබූ ආශිර්වාදය ගැන ඔහු යේසුස්වහන්සේට ගෞරවය පුද කළේය. ඔවුන්ගේ පළමු දරුවා ලැබීමෙන් පසු, මානසික සහ ශාරීරික අසාමානතාවයකින් යුත් ඔවුන්ගේ ඥාති දියණිය රැක බලා ගැනීමට දෙවියන්වහන්සේ ඔවුන්ට අවස්ථාවක් ලබා දුන් සේක. වැඩිකල් යන්නට මත්තෙන් රොජලියෝගේ නැන්දම්මාව රැක බලා ගැනීමටද සිදු වුනි.

රොජලියෝ ප්‍රීතියෙන් කටයුතු කළේය. බොහෝ විට සේවා මුර දෙකක් වැඩ කරමින් දෙවියන්වහන්සේ ඔවුන්ට භාර දී ඇති අයව නිවසේ සිට රැකබලා ගැනීම සඳහා තම බිරිඳට අවස්ථාව ලබා දුන්නේය. ඔවුන්ගේ පවුලේ සාමාජිකයින්ට සේවය කිරීම සඳහා ඔවුන්ගේ හදවත් සහ නිවස විවෘත කළ ආකාරය නිසා ඔවුන්ට වඩාත් ප්‍රේම කිරීමට මා පෙළඹුණේ කෙසේදැයි මම ඔහුට පවසන විටදී “ඔවුන්ටත් ඔබටත් සේවය කිරීම මට සතුටක්” කියා ඔහු කීවේය.

ත්‍යාගශිලීව ජීවත් වීම සහ පරාර්ථකාමීව අන් අයට සේවය කරමින් දෙවියන්වහන්සේගේ සැපයීම කෙරෙහි විශ්වාස කිරීමේ බලය රොජලියෝගේ ජීවිතය තහවුරු කරන්නේය. අපෝස්තලු පාවුල් දෙවියන් වහන්සේගේ සෙනගගෙන් ඉල්ලා සිටියේ “අපි අවශ්‍යතාවයන්ගෙන් යුත් ස්වාමින්වහන්සේගේ සෙනග සමග බෙදා ගෙන ආගන්තුක සත්කාරය පවත්වන විට, ප්‍රේමයෙන් එකිනෙකාට ස්නේහවන්න…. බලාපොරොත්තුවෙහි ප්‍රීතිවන්න. දුකේදී ඉවසිලිවන්ත වන්න. (සහ) යාච්ඤාවෙහි නොකඩවා පවතින්න” යනුවෙනි (රෝම 12:10-13).

අපට හෝ අපගේ ප්‍රේමණියයන්ට දරා ගත නොහැකි යයි හැඟෙන අවස්ථාවන් ඉතිරි කර අපගේ ජීවිතය ක්‍ෂණයකින් වෙනස් විය හැකිය. නමුත් අපි උන්වහන්සේ දෙස බලා සිටිමින් දෙවියන්වහන්සේ විසින් අපට දෙන ලද සෑම දෙයක්ම කැමැත්තෙන් බෙදා ගන්නා විට අපට උන්වහන්සේගේ නොනසින ප්‍රේමය කෙරෙහි ඇලී සිටිය හැකිය.