මගේ දෙමාපියන්ගේ පැරණි ඡායාරූප ඇල්බමය තුළ කුඩා පිරිමි ළමයෙක්ගේ පින්තූරයක් තිබුණි. ඔහුට වටකුරු මහුණක්, හමේ දුඹුරු පැහැති ලප සහ ලා-තළෙළු කෙළින් කෙස් කළඹක් තිබුණි. ඔහු කාටූන් වලට බොහෝ කැමැත්තක් දැක්වීය. අලිගැට පේර වලට අකමැතිය. එසේම “ඇබා” සංගීත කණ්ඩායමේ එක් සංගීත තැටියකට හිමිකම් කීවේය. එසේම එම ඇල්බමය තුළ තවත් යෞවනයෙක්ගේ පින්තූරයන්ද තිබුණි. ඔහුගේ මුහුණ දිගටිය; වටකුරු නැත. ඔහුගේ කෙස් රැළි සහිතය; කෙළින් නොවේ. ඔහුට දුඹුරු පැහැති ලප නොමැත. අලිගැට පේර වලට කැමතිය. කාටූන් වලට වඩා චිත්‍රපටි නරඹයි. ඇබා සංගීත තැටියක් හිමිව තිබූ බව කිසි විටෙකත් පිළිගත්තේ නැත. පිරිමි ළමයා සහ යෞවනයා මදක් එක සමානය. විද්‍යාවට අනුව ඔවුන්ට විවිධ සමක්, දත්, රුධිරය සහ අස්ථ’ ඇත. එහෙත් ඔවුන් දෙදෙනාම මම වෙමි. මෙම විරුද්ධ ලක්‍ෂණ දාර්ශණිකයන්ව කුතුහලයට පමුණුවා ඇත. අපගේ ජීවිත කාලය පුරාම අප වෙනස් වන හෙයින් සැබෑ අප කවුද?

දේව වචනය ඊට පිළිතුරු සපයයි. දෙවියන්වහන්සේ අපව ගර්භාෂයේ සාදන්න පටන් ගත් මොහොතේ සිට (ගීතාවලිය 139:13-14) අපි අපගේ අද්වීථ’ය සැළසුම දක්වා වර්ධනය වෙමින් පවතින්නෙමු. අවසානයේදී කුමක් වේවිදැයි අපට සිතාගත නොහැකි වුවද අපි දෙවියන්වහන්සේගේ දරුවන් නම් අපි අවසානයේදී යේසුස් වහන්සේ හා සමාන වනු ඇති බව අපි දනිමු (1 යොහන් 3:2). අපගේ ශරීරය නමුත් උන්වහන්සේගේ ස්වභාවය. අපගේ පෞරුෂය නමුත් උන්වහන්සේගේ චරිතය. අපගේ සියලුම දීමනාවන් දිදුලයි. අපගේ සියලු පාප පහව ගොස් ඇත.

යේසුස්වහන්සේ නැවත පැමිණෙන දවස දක්වා අපි මෙම අනාගත චරිත ස්වභාවය වෙතට ඇදී යන්නෙමු. උන්වහන්සේගේ කාර්්‍යයන් තුළින් පියවරෙන් පියවර අපට උන්වහන්සේගේ ස්වරූපය වඩාත් පැහැදිළි ලෙස පිළිබිඹු කළ හැකි වන්නේය (2 කොරින්ති 3:18). අපි තවමත් එසේ නොවූවත් අප උන්වහන්සේ හා සමාන වන විට අපි සැබෑ පුද්ගලයන් බවට පත්වන්නෙමු.