උපන් නම ඉසබෙලා බෝම්ෆ්‍රී වූ සොජර්නර් ටෘත් 1797 දී නිව්යෝර්ක් නගරයේ එසොපස් නැමැති ප්‍රදේශයේ වහලියක ලෙස උපත ලැබුවාය. ඇගේ දරුවන් සියලු දෙනාම පාහේ වහලුන් ලෙස විකුණනු ලැබූවද ඇය 1826 දී එක් දියණියක් සමග නිදහස ලබා ගෙන ඇගේ නිදහස වෙනුවෙන් මුදල් ගෙවූ පවුලක් සමග ජීවත් විය. තම පවුලෙන් වෙන්ව සිටීමට අයුක්ති සහගත ක්‍රමයකට ඉඩ දෙනවා වෙනුවට ඇගේ කුඩා පුත් පීටර්ව නැවත ලබා ගැනීමට ඇය නීතිමය ක්‍රියා මාර්ගයකට ගියාය. මෙය එදා දවසේ අප්‍රිකානු-අමෙරිකානු කාන්තාවක් විසින් කරන ලද විශ්මයජනක ක්‍රියාවකි. දෙවියන්වහන්සේගේ උපකාරය නොමැතිව තම දරුවන් ඇති දැඩි කළ නොහැකි බව දැනගත් ඇය ක්‍රිස්තුස්වහන්සේ කෙරෙහි ඇදහිලිවන්තියක් බවට පත් වී පසුව ඇගේ නම සොජර්නර් ටෘත් ලෙස වෙනස් කර ගත්තේ දෙවියන්වහන්සේගේ සත්‍යයේ පදනම මත තම ජීවිතය ගොඩනගා ඇති බව පෙන්වීමටය.

හිතෝපදේශ 14 හි ලේඛකයා වන සාලමොන් රජු ප්‍රකාශ කරන්නේ “ඤාණවන්ත ස්ත්‍රී තොමෝ තම ගෙය ගොඩනගන්නීය” (1 පදය) කියාය. ඊට හාත්පසින්ම වෙනස්ව ප්‍රඥාවෙන් තොර වූ තැනැත්තී “තමාගේම අත්වලින් ඒක කඩා දමයි” යනුවෙන් සඳහන් කරයි. සවන් දීමට කැමති අයට දෙවියන්වහන්සේ ලබා දෙන ප්‍රඥාව මෙම ගොඩනැගිලි රූපකය තුළින් පෙන්නුම් කෙරේ. කෙනෙක් ප්‍රඥාවෙන් නිවසක් ගොඩනගන්නේ කෙසේද? “අසන්නන්ට ප්‍රයෝජන ලැබෙන පිණිස ඕනෑකරන වර්ධනවීම සඳහා යහපත් දේම කීමෙනි” (එපීස 4:29, 1 තෙසලෝනික 5:11 ද බලන්න). කෙනෙක් විසින් යමක් කඩා දමන්නේ කෙසේද? හිතෝපදේශ 14 මෙසේ පිළිතුරු දෙයි : “මෝඩයාගේ මුඛයෙහි උඩඟුකම නැමැති ඉපලක් ඇත්තේය” (3 පදය).

දෙවියන්වහන්සේගේ ප්‍රඥාවට ස්තුතිවන්ත වන්න කැලඹිලි සහිත කාලවලදී සොජර්නර්ට “රක්‍ෂස්ථානයක්” (26 පදය) තිබුණි. ඔබේ දරුවන්ව අයුක්තියෙන් ගළවාගැනීමට ඔබට කිසි විටෙකත් සිදු නොවනු ඇත. නමුත් සොජර්නර් තමාගේ නිවස ඉදිකළ අත්තිවාරම මත ඔබගේ නිවසත් ගොඩ නගා ගත හැකිය. එනම් දෙවියන් වහන්සේගේ ප්‍රඥාව මත.