මෑතකදී කරන ලද පරීක්‍ෂණයකදී ප්‍රතිචාර දැක්වූවන්ගෙන් ඉල්ලා සිටියේ තමන් වැඩිහිටියන් බවට පත් වූවා යයි විශ්වාස කරන වයස හඳුනා ගන්නා ලෙසටයි. තමන් වැඩිහිටියන් ලෙස සැළකූ අය නිශ්චිත හැසිරීම් ඔවුන්ගේ වැඩිහිටිකමට සාක්‍ෂි ලෙස පෙන්වා දුන්හ. අයවැයක් තිබීම සහ නිවසක් මිළට ගැනීම වැඩිහිටි භාවයේ ලකුණු ලෙස ඉහළින්ම සිටියේය. අනෙකුත් වැඩිහිටි ක්‍රියාකාරකම් වූයේ සෑම රාත්‍රියකම රාත්‍රී ආහාර පිසීම සහ තමන්ගේම වෛද්‍ය හමුවීම් උපලේඛණගත කිරීම, රාත්‍රී ආහාර සඳහා සුළු කෑම තෝරා ගැනීමට තිබෙන ආශාව හෝ සෙනසුරාදා සවස නිවසින් බැහැරව යාම වෙනුවට නිවසේ සිටීමට උද්‍යෝගිමත් වීම යනාදිය වේ.

ආත්මික පරිණතභාවයටද අප යොමු විය යුතු බවට බයිබලය පවසයි. පාවුල් තුමා එපීසයේ සභාවට ලියා සිටියේ “… සේවය කිරීමේ වැඩය පිණිසත් ක්‍රිස්තුස්වහන්සේගේ ශරීරයේ වර්ධනය වන ලෙසටත්ය” (එපීස 4:13). එසේම අපි ඇදහිල්ලේ “බාලයන්ව” සිටින විට අපි “සියලු ආකාර ඉගැන්වීම් නැමැති සුළඟින් ඈත මෑත වීසිවෙමින් ගෙන යනු ලබන්ට” හැකි බවය (14 පදය). එයින් බොහෝ විට අපි අතර බෙදීම් ඇති විය හැකිය. ඒ වෙනුවට සත්‍යය පිළිබඳ අපගේ අවබෝධය පරිණත වන විට අපි ක්‍රියා කරන්නේ එකම ශරීරයක් ලෙසට “හිස වන ක්‍රිස්තුස්වහන්සේ” (15 පදය) යටතේය.

දෙවියන්වහන්සේ අපට උන්වහන්සේගේ ආත්මය ලබා දුන්නේ උන්වහන්සේ කව්ද යන්න ගැන අපට පූර්ණ අවබෝධයක් ලබා ගැනීමට උපකාරී වීම සඳහාය (යොහන් 14:26). එසේම අපගේ ඇදහිල්ලේ පරිණතභාවය වෙතට අපව යොමු කිරීමට සහ මෙහෙය වීමට උන්වහන්සේ සභාපාලකවරුන් හා ගුරුවරුන්ව සන්නද්ධ කළ සේක (එපීස 4:11-12). ඇතැම් ලක්‍ෂණ ශාරීරික පරිණතභාවයට සාක්‍ෂි සේම උන්වහන්සේගේ ශරීරය ලෙස අපගේ එකමුතුකම අපගේ අධ්‍යාත්මිත වර්ධනයට සාක්‍ෂි වන්නේය.