අපගේ වීඩියෝ සම්මන්ත්‍රණයේ නායකයා “සුබ උදෑසනක්” යැයි පැවසීය. මම “හෙලෝ” කියා ආපසු කීවෙමි. නමුත් මම ඔහු දෙස බලා නොසිටියෙමි. තිරය මත දිස්වුනු මගේම රූපයෙන් මගේ අවධානය බිඳුණි. “මම මේ වගේද?” ඇමතුමේ සිටි අනෙක් අයගේ සිනහ මුසු මුහුණු දෙස මම බැලුවෙමි. එය ඔවුන් මෙන් පෙනේ. එසේය. එම නිසා මේ මම විය හැකිය. මම ටිකක් බර අඩු කර ගත යුතුයි. හිස කෙස් කැපිය යුතුයි.

ඵාරාවෝගේ මනසෙහි තමා ඉතා ශ්‍රේෂ්ඨ විය. ඔහු “ජාතීන් අතර තරුණ සිංහයෙක්…… ජලවල ඉන්න කිඹුලෙක්” (එසකියෙල් 32:2). නමුත් පසුව ඔහු දෙවියන්වහන්සේගේ ද්‍රෘෂ්ටි කෝණයෙන් තමා ගැනම අවබෝධයක් ලබා ගත්තේය. ඵාරාවෝ කරදරයක පැටලී සිටින බවත් ඔහුගේ මළකඳ වන සතුන්ට දෙන බවත් “මම නුඹ ගැන බොහෝ ජනයන් විශ්මයට පමුණුවන්නෙමි….. ඔවුන්ගේ රජවරුත් නුඹ නිසා ඉතා භය වන්නෝය” යනුවෙනුත් (10 පදය) දෙවියන්වහන්සේ ඔහුට කී සේක. ඵාරාවෝ ඔහු සිතූ තරම් බලවත් නොවීය.

දෙවියන්වහන්සේ දකින ආකාරයට අපගේ පාපය අපි දකින තුරු අපි “කඩවසම්” යැයි අපට සිතිය හැකිය. උන්වහන්සේගේ ශුද්ධ ප්‍රමිතියට සාපේක්‍ෂව “අපේ සියලු ධර්මිෂ්ඨකම්ද කිලුටු වස්ත්‍රයන් මෙන්ය” (යෙසායා 64:6). නමුත් දෙවියන්වහන්සේ තවත් දෙයක් දකින සේක: වඩාත් සත්‍යවූ දෙයක් දකින සේක. උන්වහන්සේ යේසුස්වහන්සේව දකින සේක. උන්වහන්සේ යේසුස්වහන්සේ තුළ අපව දකින සේක.

ඔබ කෙබඳු කෙනෙක්ද කියා අධෛර්්‍යයමත් වෙනවාද? මෙය ඔබ කවුද කියා නොවන බව මතක තබා ගන්න. ඔබ යේසුස්වහන්සේ කෙරෙහි විශ්වාසය තබා ඇත්නම් ඔබ යේසුස්වහන්සේ තුළ සිටින්නේය. උන්වහන්සේගේ ශුද්ධකම ඔබව වසා ගන්නේය. ඔබ සිතනවාට වඩා ඔබ පියකරුය.