අභියෝගාත්මක හා කරුණාවෙන් පිරුණු ජීවිතයක් පිළිබඳ මතකයන් සමග ඇගේ ජීවිතයේ අවසන් අදියරයට ඈ පා තබන අවස්ථාවේදී ගුඩ්රිචි මහත්මියගේ සිතුවිලි වල අඩු වීමක් තිබුණි. මිචිගන්හී ග්‍රෑන්ඩ් ව්‍රැවර්ස් බොක්කෙහි ජලය දිස්වන පරිදි කවුලුවක් අසළින් වාඩිවී සිටි ඇය සිය කෙටි සටහන් පොත අතට ගත්තාය. තමාගේම වචන පසුව හඳුනා ගැනිමට නොහැකි වන අවස්ථාවක ඇය මෙසේ ලීවාය: “මෙන්න මම මගේ පාද ජනෙල් පඩිය මත තබා, මගේ හදවත සැහැල්ලුව තබා ගනිමින් මම මගේ ප්‍රියතම පුටුවේ සිටිමි. නිතරම චලනය වෙමින් පවතින පහළ ජලයේ රළ මත හිරු එළිය පතිත වී මම නොදන්නා තැනකට ජලය සෙමෙන් ගලා බසී. නමුත් ඉහළ සිටින ආදරණිය පියාණෙනි, ඔබවහන්සේගේ අසංඛ්‍යාත ත්‍යාගයන් සහ නොවෙනස් වන ප්‍රේමය වෙනුවෙන් ඔබවහන්සේට තුති පුදමි. එය සෑම විටම මාව පුදුමයට පත් කරයි. එසේ වන්නේ කෙසේද? එනම් නොපෙනෙන කෙනෙකුට මම මෙතරම් ප්‍රේම කරන බව”.

අපෝස්තලු පේත්‍රැස්ද එවැනි ප්‍රේමයක් පිළිගත්තේය. ඔහු යේසුස්වහන්සේව ඔහුගේම දෑසින් දුටුවේය. නමුත් ඔහුගේ ලිපිය කියවන අය එසේ නැත. “නුඹලා උන්වහන්සේව නොදකින නුමුත් උන්වහන්සේ කෙරෙහි අදහා …. කියා නිම කළ නොහැකි මහත් ප්‍රීතියකින් ප්‍රීතිවන්නහුය” (1 පේත්‍රැස් 1:8). අපි යේසුස්වහන්සේට ප්‍රේම කරන්නේ අපට අණ කර ඇති නිසා නොව උන්වහන්සේ අපට කොතරම් ප්‍රේම කරනවාද කියා ශුද්ධාත්මයාණන් වහන්සේගේ උපකාරයෙන් (11 පදය) දැන ගැනීමට පටන් ගන්නා විටය.

එය අප වැනි මිනිසුන්ට උන්වහන්සේ සළකන බව ඇසීමට වඩා වැඩිය. ඒ උන්වහන්සේගේ නොපෙනෙන අභිමුඛය සහ ආත්මය පිළිබඳ පුදුමය අපට සැබෑ කරවන බවට ක්‍රිස්තුස්වහන්සේ දුන් පොරොන්දුව අපගේ ජීවිතයේ සෑම අදියරයකදීම අපිම අත්දැකීමෙන්ය.